ඌව පරණගම - හාලිඇළ යා කරන අබලන් වූ පාලමක් නිරීක්ෂණය කිරීමට ඊයේ (ඔක්. 17) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා එක් වී තිබිණි.
එය නිරීක්ෂණය කරමින් පාලම මතින් ගමන් කරමින් සිටි
අවස්ථාවේදී මන්ත්‍රීවරයා හදිසියේ බිම ඇද වැටිණි.
ඒ, පාලම මත තිබූ අබලන් ලෑල්ලක් මත පය තැබීම හේතුවෙනි.
හාලිඇළ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
යාකරමින් උමා ඔය හරහා පිහිටි මෙම පාලම, හලාබ යකඩ පාලම' නමින්
හඳුන්වනු ලබයි.
මෙම පාලම වර්ෂ 1867දි පමණ ඉදි කරන ලදුව
වර්ෂ 1919දී
යළි පිළිසකර කෙරුණු පාලමක් ලෙස සඳහන් වේ.
දිගින් අඩි 300ක් පමණ වන මෙම පාලම
සම්පූර්ණ යකඩ රාමුවලින් යුතුව ඉදිකොට පතුලට සිල්පර කොටන් යොදා නිමවා ඇත.
මෑත කාලීනව ද එහි සුළු පිළිසකර කිරීම් කර ඇතත් මේ
වන විට එම ලැලි ද විශාල කොටසක් දිරාපත් වී ඇත.
No comments:
Post a Comment