Friday, 8 April 2022

 


මෙරට ආර්ථිකය එකවර ස්ථාවර කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම භාර ගැනීමෙන් අනතුරුව අද (අප්‍රේල් 8) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී ය.

"මෙවැනි ආර්ථිකයක් එකවර ස්ථාවර කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයකින් කළ නොහැකි," බව ත් තමා කිසිදෙයක් නොසඟවන බව ත් ඔහු අවධාරණය කළේ ය.

ඒ අනුව, මෙරට ආර්ථිකය එකවර ස්ථාවර කළ හැකි බවට වන අනවශ්‍ය බලාපොරොත්තු තබා නොගත යුතු බව ද ඔහු පැවසිය.

ආචාර්ය විරසිංහ මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇති බව ත් එම කාලය තුළ මහ ජනතාවට ආර්ථික අපහසුතා ඉවසිමට සිදුවන බව ත් ය.

කෙසේ වෙතත්, මෙරට ආර්ථිකය යළි ස්ථාවර කළ හැකි බවට වන විශ්වාසය තමන්ට ඇති බව ත් ඒ විශ්වාසයෙන් යුතුව තමන් මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගත් බව ත් ඔහු පැවසීය.

කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කිරිම සඳහා රට තුළ දේශපාලන සහ සමාජ ස්ථාවරය. අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේ ය.

ඒ අනුව, එම ගැටලු දේශපාලන අධිකාරිය වෙනත් ආකාරයකට විසඳිය යුතු බව ඔහු පැහැදිලි කළේ ය.

ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මහ බැංකුව ස්වාධීනව කටයුතු කළ යුතු යැයි කියන මතයේ තමන් දැඩිව සිටින බව ත් එම පදනම මත තමන් මහ බැංකු අධිපති ධූරය භාර ගත් බව ත් ය.

එහි ප්‍රථම පියවර ලෙස මෙරට මූල්‍ය පද්ධතියේ ඇති අසමතුලිතතාව මග හැරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් ගත් බව ඔහු එහිදී පැවසීය.

ඒ අනුව, තැන්පතු පොළී අනුපාතය 13.5%ක් දක්වා ත් ණය දෙන පොළී අනුපාතය 14.5%ක් දක්වා ත් ඉහළ යනු ලබන අතර එය මෙරට එම පොළී අනුපාතික එකවර වැඩි අගයකින් ඉහළ දැමූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ආචාර්ය විරසිංහ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සතියක් තුළ අවසන් කිරීමට කටයුතු කරන බව ය. ජනාධිපතිවරයා විසින් මිට පෙර ප්‍රකාශ කර තිබුණු පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙතෙක් නිසි ආකාරයට සිදුවී නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ සඳහා මූල්‍ය උපදේශකවරුන් පත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.

ඊට සමාන්තරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර මූල්‍ය පහසුකම් ලබා ගැනීම ද සිදු කරන බව ආචාර්ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, අප්‍රේල් 11 වන දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග ඉන්ටනෙට් ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව ඔහු පැවසීය.

ඔහු වැඩිදුරට ත් පෙන්වා දු න්නේ , වියදම් අඩු කිරිමෙන් තොරව අනවශ්‍ය ලෙස බදු මුදල් අඩු කිරිම මගින් රජයේ ආදායම් අහිමි වී ඇති බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...