The whole world is tense, Everybody gets the local and international news, My goal isn't to solve the worlds problems, But I want to share The idea of 24-hour news, I thought that was the whole point with Journalism ! Best Regard, upekshawijesinghe.blogspot.com
Sunday, 31 October 2021
November 1, 2021
මතභේදයකට තුඩු දී ඇති චීන පොහොර රැගත් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මේ දක්වාත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා පවසයි.
අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ බව නාවික දත්ත ඇතුළත් “ෆිලීට්මොන්” වෙබ් අඩවිය තොරතුරු අනාවරණය කර තිබුණි.
එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ “හිපෝ ස්ප්රිට්” නෞකාවේ හඳුනාගැනීමේ අංකයෙන්ම “සෙයියෝ එක්ස්ෆ්ලෝර්” නමැති නෞකාව හම්බන්තොට මුහුදු සීමාවට ඇතුළු වූ බවය.
කෙසේවෙතත් එම නෞකාව කුමන වරායක සිට පැමිණියේ ද යන්න සම්බන්ධයෙන් සටහන් කර නොතිබු බව ද සඳහන් වෙයි.
ඒ සම්බන්ධයෙන් හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කර සිටියේ ඕනෑම නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාව හරහා ගමන් කිරීමට හැකියාව ඇති බවය.
එහෙත් අදාළ නෞකාව මෙරට වරායට භාරගැනීමක් සිදුනොකරන බව හාබර් මාස්ටර්වරයා සඳහන් කළේය.
මතභේදයකට තුඩු දී ඇති මෙම නෞකාව සම්බන්ධයෙන් වරාය බලධාරීන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද ඔහු මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර නවතම දත්තවලට අනුව පසුගිය 13 වනදා මලක්කාව ආශ්රිත මුහුදු ප්‍රදේශයට පැමිණි “හිපෝ ඉස්ප්‍රිට්” නෞකාව සෘජුවම ශ්‍රී ලංකාව බලා යාත්‍රා කර ඇති බව ද තහවුරු වී තිබේ.
එසේ පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය නීනී කිසිවක් පිළිනොපදමින් දිය නානමින් විවිධ ජල ක්‍රීඩා කරමින් හැසිරෙන්නට වුයේ තවත් කෝවිඩ් රැල්ලකට කඩිනමින් අත වනමින්ය.
සමහරු යතුරු පැදි සහ ත්‍රීරෝද රථ පිටවානේ පාර ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් අනතුරුදායක ක්‍රීඩා වල ද නිරතව වූහ.
සාමය කඩවන ලෙස ආරවුල් කර ගනිමින් සිටි කණ්ඩායම් ද ඒ අතර විය. පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ අවවාද නොතකමින් බිමත් පුද්ගලයන්සේ හැසිරුණු දෙපිරිස් අතර ගැටුම් කිහිපයක් ද ඇතිවිය.
වැඩිහිටි, තරුණ සහ බාල යන වයස් කාණ්ඩවල කාන්තා පිරිමි මෙසේ දහස් ගණනක් පැමිණ සිටියහ.
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
රාගම සිට ගම්පහ දෙසට දුම්රිය විශාල ප්‍රමාණයක් එක දිගට නවතා ඇත. දෙමටගොඩ සහ මරදාන අතර සංඥා කේබලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබේ. මෙම කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ සිදු කරයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පුත්තම දුම්රිය මාර්ගයේ දුම්රිය මෙසේ ප්‍රමාදයකට ලක්ව ඇත.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා,ඩයනා උදයංගනී,නිපුන් ගරුක
(යොහාන් භාසුරු,මහින්ද නිශ්ශංක, තිළිණිද සිල්වා සහ තුසිත කුමාර සිල්වා)
නව සාමන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කර ඇත.
අද (31) අලුයම 4 සිට අන්තර් පළාත් සංචරණ
සීමා ඉවත් කළ බව කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය සඳහන් කළේය.
පොදු
ස්ථාන, වෙළෙඳසැල්, ආපනශාලා ඇතුළු ජනතාව
ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන්ද රජයේ
අවධානය යොමුව තිබේ.
සමස්ත
ජනගහණයෙන් 70%ක් මේ වන විට එන්නත්කරණයට ලක්කර ඇති අතර අවුරුදු 30 ඉක්ම වූ ජනගහණය
සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කෙසේ
වෙතත් අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළද ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය
කිරීම අත්‍යාවශ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා
පවසයි.
මේ ඔක්තෝබර් 26 වැනිදා ඉතාලියේ වෙරෝනා නගරය ලෝකයට ගෙන ආවේ එවැනි අවාසනාවන්ත කතාවකි.
මේ
කියන ”අම්මා” ලංකාවේ සිට ඉතාලියේ වෙරෝනා නගරයට පදිංචියට ගිය තිස්තුන්
හැවිරිදි සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර මහවඩුගේ ය. ඇයට දියණියන්
දෙදෙනෙකි. ඒ තුන් හැවිරිදි සබදි හා එකොළොස් හැවිරිදි සදනි ය. සබදිගේත් සදනිගේත්
තාත්තා ඔවුන් සමග සිටියේ නැත. ඔහු තම පවුලෙන් වෙන්ව විසුවේය.
නිසංසලාත්, මේ දරු දෙදෙනාගේ පියා
හෙවත් ඇගේ සැමියාත් අතර බොහෝ කලක සිට ආරවුල් පැවතිණ. අවසානයේදී ඔවුන් දෙදෙනා වෙන්
වූ අතර, උසාවි නියෝගයකින් දරු දෙදෙනාගේ භාරකාරත්වය පැවරුණේ
දරුවන්ගේ මවට හෙවත් නිසංසලාටය. දැරියන් දෙදෙනාගේ තාත්තාට දැරියන් බලන්නටවත්
නිසංසලා ඉඩ දුන්නේ නැත.
”දරුවො දෙන්න එයාට දෙනවට වැඩිය හොඳයි, දරු දෙන්නවත් මරල, මමත් මැරෙනවා..” නිසංසලා තම හිතවත් අයට
කීවේ ඒ අයුරිනි.
දරුවන්
දෙදෙනා පියාගේ භාරයෙන් වෙන්කොට මවට භාර දීමෙන් පසුව, පසුගිය ජනවාරි මාසයේ පටන්
මේ මවත් දියණියන් දෙදෙනාත් නැවතී සිටියේ වෙරෝනා මහ නගර සභාවෙන් පාලනය වන තාවකාලික
රැඳවුම් නිවහනක ය.
ඔක්තෝබර්
26 වැනිදා උදෑසන, නිසංසලා තම සමාජ සේවිකාවට
දුරකථනයෙන් කතා කළාය.
”දරුවො දෙන්නට ටිකක් උණ වගේ තියෙනවා. අද මං ඒ දෙන්නව
ඉස්කෝලෙ යවන්නෙ නෑ. බෙහෙත් ටිකක් දීල නිදාගන්න දෙනවා. මට බෙහෙත් මොනව හරි එවන්න..” ඇය සමාජ සේවිකාවට කීවාය.
තවත්
ටික වෙලාවකට පසුව, නිසංසලා සහ දැරියන් දෙදෙනා උන් කාමරය වෙත ගිය රැඳවුම්
නිවහනේ සමාජ සේවිකාව දුටුවේ දැරියන් දෙදෙනා සයනයෙහි නිදා සිටින අයුරුය. ඔවුන්
දෙදෙනාගේ සිරුරු පොරෝනාවෙන් ආවරණය කොට තිබිණ. නාන කාමරයේ විදුලි බුබුළ දැල්වෙමින්
තිබුණු නිසා සමාජ සේවිකාව සිතුවේ දැරියන් දෙදෙනාගේ මව නාන කාමරයේ සිටින බවකි. සමාජ
සේවිකාව ආපසු ගියාය. ඇය ආපසු මේ කුටිය වෙතට පැමිණ මඳ වෙලාවක් බලා සිටියාය. සෑහෙන
වෙලාවක් යන තුරු කාමරයෙන් පිටතට කිසිවකුත් පැමිණියේ නැත. ඇය යළිත් කාමරය තුළට ගොස්
බලන විට දරු දෙදෙනා පෙර උන් ඉරියව්වෙන්ම නිදා සිටිනු පෙනිණ. ඔවුන් පරික්ෂා කර බැලූ
සමාජ සේවිකාව දුටුවේ දරු දෙදෙනාගේ හුස්ම නොවැටෙන බවය. සමාජ සේවිකාව උදව් ඉල්ලා
පිරිස කැඳවූ නමුත් ඒ වෙන විටත් දරු දෙදෙනා ජීවිතයෙන් සමුගෙන තිබිණ.
දැරියන්ගේ
මව, නිසංසලා පෙනෙන්නට සිටියේ නැත. පොලිසියත්, අදාළ අනෙක් නිලධාරීනුත්
කොතරම් සෙව්වත් ඇය පිළිබඳ හෝඩුවාවක්වත් සොයාගන්නට නොහැකි තැන, 26 වැනිදා සන්ධ්‍යා කාලය
වනවිට ඇය සොයන්නට හැකි සියලූම විධි විධාන යොදවා තිබිණ. දැරියන් දෙදෙනාගේ මව
සොයන්නට පොලිස් කණ්ඩායම්, ගිනි නිවන හමුදාවන් මෙන්ම පොලිස් සුනඛයන්ද යොදවනු ලැබිණ.
ඒ අතරම මේ කාන්තාව පිළිබඳ යම් තොරතුරක් ලැබුණොත් වහාම දන්වන මෙන් එරට වෙසෙන ශ්‍රී
ලාංකික ප්‍රජාව වෙත ද දැනුම්දීමක් කර තිබිණ.
මේ අතර, දැරියන් දෙදෙනාගේ පියා තම
දියණියන්ගේ මරණය පිළිබඳව දැනගන්නේ, පියෙකුට එවන් දෙයක්
දැනගන්නට ලැබෙන නරකම ආකාරයටය. ඔහුට එය දැනුම් දෙන්නේ ඔහුගේ සේවායෝජකයා විසිනි. ඒ
මේ ඝාතන පිළිබඳව පළවූ වෙබ් අඩවි පුවතක ”ස්ක්‍රීන්ෂොට්” ඔහුට යැවීමෙනි.
තමන්ගේ
බිරිඳ නිතරම තමා ගැන වෛරයෙන් පසුවූ බවත්, දරුවන් තමාගේ පවුලේ උදවිය
අයිති කරගනීවි යැයි සැකයෙන් පසුවුණු බවත්, ඇයට මානසික ව්‍යාධි තත්ත්වයක් තිබුණු
බවත් නිසංසලාගේ සැමියා වූ රුවන් කිරිවැල්ලගේ ප්‍රකාශ කළේය. තම දරු දෙදෙනාගේ හදිසි
මරණයෙන් ඔහු බෙහෙවින් කම්පාවට පත්ව සිටියේය.
නිසංසලා
දරු දෙදෙනා මරා දමා පැන යන්නට ඇතැයි සැක පළ කෙරුණු අතර, බොහෝ දුරට ඇය ද සියදිවි
හානි කරගෙන තිබෙන්නට ඉඩ ඇතැයි පොලිසිය සැක කළේය. පුළුල්ව ක්‍රියාත්මක කෙරුණු
සෝදිසි මෙහෙයුම අතරතුර, 27 වැනිදා සවස, ඔවුන්ගේ නිවසට කෙටි
දුරකින් ඇති ගං ඉවුරේ තිබී මෙම කාන්තාවට අයත් ජංගම දුරකථනය හා වෙනත් පෞද්ගලික
භාණ්ඩ කිහිපයක් හමුවී තිබිණ.
තවදුරටත්
සෝදිසි ක්‍රියාත්මක කිරීමේදී, වෙරෝනාහි ලාසරටෝ පෙදෙසේ පැරණි වේල්ල අසලින් ඇගේ මළසිරුර
හමුවී ඇත.
දරු
දෙදෙනාවත් ඝාතනය කරමින් නිසංසලා සියදිවි නසාගත් හේතුව තවමත් නිශ්චිතවම පැහැදිලි
නැත. කෘත්‍රිමව හුස්ම හිර කිරීමෙන් දරු දෙදෙනාගේ දිවි තොර කර ඇති බව මරණ
පරීක්ෂණයෙන් ඔප්පු වූ අතර, එයින් පසුව දරු දෙදෙනාගේ මළ සිරුරු භූමදාන කිරීමට අවසර
ලැබිණ. කෙසේ වුවත් මේ මළසිරුරු පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇත. මල්
කැකුළු වන් සුන්දර දරු දෙදෙනකුගේ ජීවිත ද නිමාවට පත් කරමින්, තම ජීවිතය ද තොර කරගන්නට
තරම් ඒ මව අසරණ වූයේ ඇයිදැයි නොබෝ දිනයකදීම අනාවරණය වනු ඇත.
නිම්මි මුදිතා හේරත්
උතුරු පලාතේ ගෙවී ගිය දින 5 ක කාලය තුලදී බලපෑ අධික වර්ෂාව සහ අකුණු ගැසීම් වලින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර පවුල් 11 කට අයත් පුද්ගලයින් 45 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කලමනාකරන ඒකකය පවසයි.
අධික
වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එහි
පවුල් 9 කට අයත් පුද්ගලයින් 40 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති
අතරම අද (31) වන විට යාපනය නල්ලූර් කෝවිල් භූමියද වැසි ජලයෙන්
යටවීමේන් බැතිමතුන්ගේ ආගමික කටයුතු වලට බාධා එල්ල වී ඇත.
මේ අතර
මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ වර්ෂාව හේතුවෙන් පවුල් දෙකකට අයත් පුද්ගලයින් පස්
දනෙකු පීඩාවන්ට පත්ව ඇති අතර එහිදී වර්ෂාවත් සමග නිවසකට අකුණු සැර වැදීමකින් එහි සිටි එක්
අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති බව මුලතිව් දිස්ත්‍රික්
ආපදාකලමනාකරන ඒකකය පවසයි.
මේ අතර
පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන්
සිටින ලෙසටද දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇත.
Saturday, 30 October 2021
ලොව පළමු තැපැල් මුද්දරය වෙන්දේසි කිරීමට සූදානම් කර තිබේ.
ලොව
පළමු තැපැල් මුද්දරය ලෙස සැලකෙන 'පෙනී බ්ලැක්' නමැති මුද්දරයක් එලෙස
වෙන්දේසි කරන බව සොදබිස් වෙන්දේසි සමාගම පවසයි.
1840 වර්ෂයේ නිකුත් කළ බවට විශ්වාස කෙරෙන මෙම මුද්දරයේ
වික්ටෝරියා රැජිනගේ රුව මුද්‍රණය කර තිබේ.
පැන්සයක
වටිනාකමකින් යුතුව එය නිකුත් කර තිබුණි.
අවුන්ස
භාගයකට අඩු ලිපි තැපැල් කිරීමට මුද්දරය වලංගු වූ බව සඳහන්ය.
1840 වර්ෂයේ මැයි 6 වනදා සිට මෙය භාවිතා කර
ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඊට පෙර
තැපැල් භාණ්ඩ සඳහා වන ගාස්තුව ගෙවා තිබුණේ භාණ්ඩය ලබන්නා විසිනි.
මෙම
මුද්දරය දෙසැම්බර් 7 වනදා ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට නියමිතය.
ඊට
අමෙරිකානු ඩොලර් මිලියන 8.25ක මිලක් ලැබෙනු ඇතැයි වෙන්දේසි සමාගම අපේක්ෂා කරයි.
මෙය මුද්‍රණය
කරන ලද පළමු 'පෙනී බ්ලැක්' මුද්දර කඩදාසියෙන් ලබාගත්
එකක් බවද විදෙස් වාර්තා පවසයි.
එබැවින්
එය ඓතිහාසික සංඛේතයක් ලෙසද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම
මුද්දරයේ වත්මන් හිමිකරුවා වන්නේ ව්‍යාපාරිකයෙකු සහ මුද්දර එකතු කරන්නෙක් වන ඇලන් හොලියෝක්
ය.
පළමුව
මුද්‍රණය කරන ලද තවත් 'පෙනී බ්ලැක්' මුද්දර දෙකක් බ්‍රිතාන්‍ය
තැපැල් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
ලොව
පළමු වරට මුද්‍රණය කරන ලද මුද්දර කඩදාසියෙන් ලබාගත් මෙම 'පෙනී බ්ලැක්' මුද්දර තුන පමණක් දැනට
ලොව ඉතිරි වී තිබෙන බවටද විශ්වාස කෙරේ.
Friday, 29 October 2021
ෆේස්බුක් සමාගම සිය සමාගම් නාමය වෙනස් කර නව
නාමයක් එළිදක්වා තිබේ.
ඒ, අනුව එම සමාගම 'Meta' ලෙස නම් කර ඇති බව
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ෆේස්බුක් සමාගමේ සම
නිර්මාතෘ සහ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් Virtual Reality නිර්මාණ
කෙරෙහි අවධානය යොමු කෙරෙන තව නමක් ලෙස මෙය හඳුන්වා ඇත.
ඊයේ (ඔක්. 28) පැවති එම සමාගමේ වාර්ෂික හමුවේදි මෙම නව නාමය එළිදක්වා තිබේ.
ඒ අනුව , වට්ස්අප්,ඉන්ස්ටග්‍රෑම්
ඇතුළු එම සමාගමේ අනෙකුත් සන්නාමයන් අධීක්ෂණය කරන 'Meta" සමාගම යටතට අයත් තවත් එක් යෙදුමක් ලෙස ෆේස්බුක් යෙදුම ද ස්ථානගත වනු ඇත.
මිනිසුන්ට විවිධ උපාංග අතර මාරු වී වර්චුවල් පරිසරයක සන්නිවේදනය කළ හැකි ඩිජිටල් ලෝකයක් වන 'මෙටාටර්ස්
පිළිබඳව ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් අදහස් පළ කරමින් සිටින බවත් ඔවුන් වර්චුවල් රියැලිටි සහ ඔග්මෙන්ටඩ් රියැලිටි සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත් 'ද වර්ජ්' ඉකුත්දා පළ කළ ලිපියක් මගින් පෙන්වා දී තිබිණි.
එමෙන්ම, සමාජ මාධ්‍යයක් ලෙස ස්ථාපනය කෙරුණු ෆේස් බුක් සමාගම සිය Oculus VR headsets, AR Glasses සහ
wristband තාක්ෂණික උපාංග වැඩි දියුණු කිරීමේ කටයුතුවලට අවධානය යොමු කර ඇතැයි 'දවර්ජ්' වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ෆේස්බුක් සමාගම ලක්වී ඇති විවේචන වලට අනුව මෙලෙස නාමය වෙනස් කිරිම හොඳ අදහසක් බව ය.
Thursday, 28 October 2021
ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ.
කලම්බු
ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති
නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ
කොළඹ වරාය නගරයේයි.
කිලෝමීටර්
2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු
ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක
පැතිර තිබේ.එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්
සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ATV වාහන මෙම වැලි කඳු සහිත
මාර්ගය ඔස්සේ ධාවනය කලේය.
මෙරට
මුල්ම ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්රික්කයේය. ගම්පහ
බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබේ. එය කළුගල් කඳු අතර
සැකසුනෙකි. අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන ATV ධාවන පථය මෙරට බිහිවුනු
වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.
සංචාරක
ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන්
සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි.
ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය ප්‍රකාශය තුල ද මෙවැනි ත්‍රාසජනක
ක්‍රීඩා සහිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව සඳහන් වේ. මෙය ඒ සඳහා
මූලාරම්භයක් බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය.
ප්‍රදීප් අනුර කුමාර
ලෝකයම ඩිජිටල්කරණය වෙමින් තිබේ. මේ අනුව රටවල ආර්ථික කටයුතු මෙන්ම ගෙවීම් ක්‍රමවේද ද වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී. මේ අනුව ඩිජිටල් ආර්ථිකය, ව්‍යාපාර ඩිජිටල්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය වැනි සංකල්ප ගැන ආර්ථික ලෝකයේ ද වැඩි අවධානයක් යොමුව තිබේ.
මේ
අනුව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ප්‍රචලිත කිරීමේ උත්සාහයන් ලෝකය පුරාම සිදු වේ.
දැනටමත් රටවල් රැසක් පොදු ක්ෂණික ප්‍රතිචාර කේත (QR code) හඳුන්වා දී තිබේ.QR යනු Quick
Response හෙවත් ක්ෂණික ප්‍රතිචාර
යන්නයි. මෙවැනි ක්ෂණික ප්‍රතිචාර කේත එම රටවල්වල හඳුන්වා දී දැනටමත් බොහෝ ප්‍රචලිතව
ඇත. ඒවා තවදුරටත් ව්‍යාප්ත වෙමින් යන අතර බොහෝ ගනුදෙනු සිදු කිරීම සඳහා මේ
ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද භාවිතා වෙමින් තිබේ.
මේ වන
විට අපේ රටේ ද ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එහෙත් ඒ පිළිබඳ පොදු
මහජනයා තුළ ඇති දැනුම අඩුය. ඒ නිසා මේවායින් ප්රතිලාභ ලැබීමට නම් මේවා රටටම ප්‍රචලිත
කිරීමට පියවර ගත යුතුව තිබේ.
අපේ මහ
බැංකුව ද මෙවැනි පොදු ක්ෂණික ප්‍රතිචාර කේතයක් (QR code) හඳුන්වා දෙමින් ආරක්ෂිත
සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීමට උත්සාහ දරමින් තිබේ. මෙවැන්නක්
ඉදිරියට ගෙන යමින් රටෙහි ආර්ථික සහ වාණිජ කටයුතු ඉහළ නැංවීමට ද මහ බැංකුව ප්රයත්න
දරමින් තිබේ.
මේ
අනුව ලංකාවේ හඳුන්වා දී ඇත්තේ LANKAQR නම් කේතයයි. මෙය ඕනෑ ම වෙළෙඳ ව්‍යාපාරිකයකුට, විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට
අඩු වියදමින්, වේගවත්ව සහ ආරක්ෂිතව ඩිජිටල් ක්‍රමයට ගෙවීම් කිරීම සඳහා
පහසුකම් සපයනු ලබන ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති පොදු ක්ෂණික ප්‍රතිචාර කේත ප්රමිතියකි.
මෙය ලංකාවේ මහජනයා අතර තවමත් එතරම් ප්‍රචලිත නැත. මේ නිසා මෙරට පිළිගත් ඩිජිටල්
ගෙවීම් ක්‍රමයක් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් අතර මේ ගෙවීම් ක්‍රමවේදය
ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම කේතය රටටම ජනගතකරණය කිරීම පසුගිය ඔක්තෝබර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ
බැංකු මූලස්ථානයේ දී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන්
උත්සවාකාරයෙන් සිදු විය.
මේ
ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ මේ නව ගෙවීම් ක්‍රමවේදය පිළිබඳවයි.
මේ
ලංකා ක්ෂණික ප්‍රතිචාර කේතය මගින් ගෙවීම් කිරීමට නම් ගනුදෙනුකරුවකු විසින් එම කේතය
සහිත ජංගම ගෙවීම් යෙදුමක් තම ජංගම දුරකථනයට භාගත කිරීමට සිදු වේ. එමගින්
ගනුදෙනුකරුගේ බැංකු ගිණුම යොදා ගෙන සෘජුවම තම ජංගම දුරකථනයෙන් ගෙවීම් සිදු කිරීමට
පහසුකම් සලසා ඇත. එම ගෙවීම ගනුදෙනුකරු ගෙවූ පසු ව්‍යාපාරිකයන්ගේ බැංකු ගිණුමට ක්ෂණිකව බැර වේ.
එවිට වෙළෙන්දාගේ ගිණුමට මුදල් ලැබීම සහතික කරමින් ඔහුගේ ජංගම දුරකථනයට කෙටි
පණිවුඩයක් ලැබේ. වෙළෙන්දන්ට සිය ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට මෙම කේතයේ
මුද්‍රිත ස්ටිකරය එම කේතයේ සාමාජික ආයතන විසින් නොමිලේ ලබා දී ඇත.
ඒවා
ඇතැම් ස්ථානවල ප්‍රදර්ශනය කරමින් තිබෙන අයුරු ඔබ දැනටමත් දැක තිබෙනවා විය හැකිය.
මෙම කේතය භාවිත කර ගෙවීම සඳහා, ගනුදෙනුකරු මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ජංගම ගෙවීම්
යෙදුමක් භාවිත කරමින් LANKAQR කේතය ස්කෑන් කළ යුතු වේ.
මහ
බැංකුව විසින් සංවර්ධනය කරන ලද මේ පොදු ගෙවීම් කේතය ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ගෙවීම්
පද්ධතියකි. දේශීය මුදල් ගෙවීම් සඳහා ජාතික ක්ෂණික ප්‍රතිචාර කේත ප්‍රමිතියක්
ස්ථාපිත කිරීම 2019 මාර්තු මාසයේ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී මූල්‍ය ආයතන
සහ ලංකා ක්ලියර් පුද්ගලික සමාගම සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම අරමුණු
කොටගෙන මේ කේතය හඳුන්වාදීමට කටයුතු කළේය.
පාරිභෝගිකයින්ට
මෙම කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා
දී ඇති මොබයිල් යෙදුම් භාවිතා කර ව්‍යාපාරවලට සහ සේවා සපයන ආයතනවලට ගෙවීම් කිරීමේ පහසුව
මෙමගින් සැලසේ. මෙය විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක්
වේ.
ශ්‍රී
ලංකා මහ බැංකුව ඉහළම වෙළෙඳ වට්ටම් අනුපාතය (වෙළෙඳුන් විසින් මෙම කේතය නිකුත් කරන
බැංකුවට ගෙවන මුදල) 2020 වර්ෂයේ දී සියයට 0.5 ක් ලෙස නියම කොට ඇත. මෙම
කේතය භාවිතා කොට ගනුදෙනු කරන පාරිභෝගිකයින් වෙතින් කිසිදු අයකිරීමක් නොකරන අතර
මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා කරනු ලබන
සියලූ ගෙවීම් සඳහා ද නොමිලේ පහසුකම් සලසා ඇතැයි මහ බැංකුව පවසයි. මෙම ක්‍රමවේදය
තුළින් ආර්ථිකයට අත්වන ප්‍රයෝජන සලකා බලා 2020 වර්ෂය අවසාන වන විට ව්‍යාපාර මිලියනයකට ආසන්න ප්‍රමාණයකට
මෙම ගෙවීමේ පහසුකම බැංකු ආයතන විසින් ලබා දීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ
බැංකුව බලාපොරොත්තු විය. එහෙත් එය ඉටුව නැත.
මෙවැනි
ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ප්‍රචලිත වීම මූල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීමට සහ වාණිජ කටයුතු ශක්තිමත්
කිරීමටත් ඒ තුළින් ආර්ථික කටයුතු වැඩි වීමටත් ඉවහල් වන බව සඳහන් කළ හැකිය.
මහ
බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්යක්ෂ ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා, පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ලංකාකිව්ආර්
භාවිතා කිරීමෙන් අත්වන විශේෂ ප්‍රයෝජන පසුගිය දා (25) පැවති උත්සවයේ දී
පැහැදිලි කළේය. ලංකාවේ මෙම කේතය පදනම් කරගත් ගෙවීම් ප්‍රවර්ධනය
කිරීම සඳහා වූ මෙම කර්තව්‍යය කිසිදු විදේශ සහායක් නොමැතිව සාමූහික ක්‍රියාකාරීත්වය
තුළින් උදාකරගත් ප්‍රතිඵලයක් බවත් එය රටට විශාල ඉතිරියක් බවත් ඔහු පවසයි. මුදල්
කළමනාකරණ පිරිවැය අඩු කිරීම සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ඉහළ නැංවීම ඇතුළු ආර්ථිකයට ඩිජිටල්
ගෙවීම්වලින් අත්වන ප්රතිලාභ තිබේ. සාමාන්‍ය ජනතාවට ද මේ ගැන දැනුවත් වී මේ නව ක්‍රමවේදවලට හුරු
වීමෙන් ඉතා අඩු වියදමකින් ඉතා ආරක්ෂිතව සහ වඩා විශ්වාසදායී ලෙස මෙම ඩිජිටල්
ගෙවීම්වල ප්රතිලාභ භුක්ති විඳිය හැකිය. මේ අනුව LANKAQR භාවිතයට ගැනීමට සියලූ ව්‍යාපාර හා රාජ්‍ය සේවාවන් දිරිමත් කර
තිබේ. එහෙත් මේ කවර ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දුන්නත් මහජනයා මේවා භාවිතා නොකරනවා
නම් ඵලක් නැත. මේවා භාවිතා කර ගෙවීම් කිරීමට නම් මහජනයාට ඒ ගැන දැනුම අවශ්‍ය වේ.
ඒ නිසා
මේවාට ව්‍යාපාර ආයතන සහ බැංකු පමණක් යොමු කිරීමෙන් නිසිඵල ලබාගත
නොහැකිය. මාධ්‍යවේදීන් ලෙස අප නොදන්නා නමුත් මේවා ප්‍රචලිත කිරීමට මහ
බැංකුව නොයෙකුත් දේවල් කරනවා විය හැකිය. එහෙත් මේ ගැන පොදු මහජනයා වඩාත් දැනුම්වත්
කර ඔවුන් ඊට හුරු කිරීමට නිසි වැඩපිළිවෙළක් ඇති බවක් නොපෙනේ.
මේ
පණිවිඩය මාධ්‍ය හරහා ජනයාට ප්‍රචලිත කළ හැකිය. මේ ගැන මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමට
ද මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණකි. මේ ගැන මේ
ලියුම්කරු ද නොයෙක් විට මහ බැංකුවට යෝජනා කර ඇත. මේ නව ගෙවීම් තාක්ෂණික ක්‍රමවේද
ගැන මාධ්‍යවේදීන්ටත් නිසි දැනුමක් නැත්නම් ඔවුන්ට ඒ ගැන සිය මාධ්‍ය කටයුතු තුළින් ජනතාව
දැනුවත් කරන්නේ කෙසේ ද?
මේ
නිසා අපට සිදුව ඇත්තේ අපගේ උනන්දුවෙන් මහබැංකුවෙන් මේ ගැන තොරතුරු විමසා මේ ගැන
ජනයා දැනුවත් කිරීමටය.
එහෙත්
අප නම් සිතන්නේ මේ ගැන මාධ්‍යවේදීන් විමසීමට පෙරම මේ ගැන පොදු මහජනයා දැනුවත් කිරීම
අරමුණු කරගනිමින් මාධ්‍යවේදීන්ට පොදු දැනුවත් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවයි.
2020 ඔක්තෝබර් 10 දින රටපුරාම LANKAQR
නමින් වැඩසටහනක් දියත්
කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය. මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම
අවස්ථාවට සහභාගී වී මෙම කේතය භාවිතය ආරම්භ කරන ලෙස ශ්‍රීලංකා මහ බැංකුව ඉල්ලා සිටි
නමුත් එහිදී ද වැඩි වශයෙන් වූයේ එම කේතයේ සාමාජික බැංකු, මූල්‍ය ආයතන සහ විද්‍යුත් මුදල් සේවා
සැපයුම්කරුවන් විසින් නව ව්‍යාපාරිකයන් LANKAQR භාවිතයට සම්බන්ධ කර ගැනීම
සඳහා කටයුතු කිරීමයි. ලංකාකිව්ආර් පොදු කේතයට අනුකූල ක්ෂණික ප්‍රතිචාර කේත මේ වන
විට බැංකු රැසක් මගින් නිකුත් කර ඇත. ඒ අනුව මෙම කේතය මගින් ගනුදෙනු පහසුකම්
සැපයීම සඳහා මේ වන විට මූල්‍ය ආයතන 21 ක් සමග ජංගම දුරකථන
යෙදුම් 24 ක් මගින් පහසුකම් සලසා දී ඇත. ලංකා ක්ලියර් ආයතනය විසින්
ජාලගත සේවා සැපයුම්කරු ලෙස මෙකී කටයුත්ත සඳහා තම සේවාවන් සපයමින් තිබේ.
මෙම
කේතය රටටම ජනගත කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් මස 25 වන දින ශ්‍රී ලංකා මහ
බැංකු මූලස්ථානයේ දී පැවැති උත්සවයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ්
කබ්රාල් මහතාගේ ආරාධනයෙන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා
ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි
විය.
එසේම
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා
මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සහ ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ඞී.වී. චානක මහතා ද
ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය. රජයේ දෙපාර්තමේන්තු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම වෙළඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින්
ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය. මෙහිදී නාමල් රාජපක්ෂ
ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තවුරටත් ඩිජිටල් ගෙවීම් කරා
යොමුවීම සඳහා එවැනි ගෙවීම් ක්‍රම භාවිතය වැඩි කළ යුතු බවයි. රටෙහි තාරුණ්‍යය සාම්ප්‍රදායික ගනුදෙනු
ක්‍රම දිගින් දිගටම භාවිත කිරීමට වඩා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද කරා යොමු වීමට ඉතා
කැමැත්තක් දක්වන බව ද ඔහු කීවේය.
එබැවින්
LANKAQR
ගෙවීම් ක්‍රමවේදය තරුණ
පරම්පරාව අතර අතිශය ජනප්‍රිය වනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ඇමතිවරයා සඳහන්
කළේය.
එය එසේ
වීමට නම් පෙර කී ලෙසම මහජනයා පුළුල් ලෙස මේ ගැන දැනුම්වත් කිරීමට ද පියවර ගත යුතු
වේ. මේ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද රටටම ප්‍රචලිත කර ඒ ගැන මහජනයා හුරු කළ යුතු ද වේ.
පසුගිය කාලයේ කොවිඩ් – 19 වසංගතයෙන් මහජනයා ඇති තරම් පීඩා වින්දේය. තවමත් එහි
පීඩාවන්ට අපි මුහුණ දෙමින් සිටිමු. මෙවැනි කාලයක, මුදල් භාවිතය අවම කිරීමේ
සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම වෙත යොමු වීම ඉතා වැදගත්ය. මේ කේතය ජනගතකරණ වැඩසටහන
සමග මහජනතාව ඔවුන්ගේ දෛනික ගනුදෙනු සඳහා LANKAQR ගෙවීම් යෙදුම හැකි සෑම
විටම භාවිත කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරයි.
අද සෑම
කෙනෙක් අතම ජංගම දුරකථනයක් හෝ දුරකථන දෙකක් තිබේ. රටේ ජනගහනයටත් වඩා ජංගම දුරකථන
තිබේ.
ඩිජිටල්
ගනුදෙනු ක‍්‍රමවෙවේද රටටම ප්‍රචලිත කිරීම
ඒ නිසා
මේ ක්‍රමවලට ජනයා හුරු කිරීම අපහසු නොවේ. මේ ගෙවීම් ක්‍රමවේදය ජංගම දුරකථන භාවිත
කරමින් ඩිජිටල් ගෙවීම් පහසුවෙන් සිදු කළ හැකි ක්රමයකි.
මෙය
පාරිභෝගික ජනයාට පමණක් නොව ව්‍යාපාරිකයන්ට ද ඉතා අවම වියදමකින් තම ලැබීම් ඩිජිටල් ක්‍රමයට
පාරිභෝගික ජනයාගෙන් ලබාගත හැකි ක්රමවේදයකි. දැන් අවශ්‍ය කරන්නේ මහ බැංකුවේ
නායකත්වයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ද දායක කරගනිමින් සහ මාධ්‍යයේ සහායද ලබා ගනිමින්
පොදුජනයා මීට හුරු කරන වැඩසටහනකි.
එය
මෙතෙක් ප්‍රමාණවත් ලෙස සිදුව නැති බව අපගේ අදහසයි.
ශ්‍යාම්
නුවන් ගනේවත්ත
Removal of legal barriers for women in employment
Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...
-
මාස 8ක කාලයක් සඳහා දිගු කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල...
-
මිහිදුම් සේලයෙන් වැසුණු හරිත වර්ණ කඳු මුදුන් අතරින් යන්තමින් හිරු එබී බලන හිමිදිරි උදෑසන, දවස පුරාම එසේ පවතී නම් කෙතරම් අපූරුදැයි වැටහෙන්නේ ...