Friday, 29 October 2021

 

ෆේස්බුක් සමාගම සිය සමාගම් නාමය වෙනස් කර නව නාමයක් එළිදක්වා තිබේ.

, අනුව එම සමාගම 'Meta' ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ෆේස්බුක් සමාගමේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් Virtual Reality නිර්මාණ කෙරෙහි අවධානය  යොමු කෙරෙන තව නමක් ලෙස මෙය හඳුන්වා ඇත.

ඊයේ (ඔක්. 28) පැවති එම සමාගමේ වාර්ෂික හමුවේදි මෙම නව නාමය එළිදක්වා තිබේ.

ඒ අනුව , වට්ස්අප්,ඉන්ස්ටග්‍රෑම් ඇතුළු එම සමාගමේ අනෙකුත් සන්නාමයන් අධීක්ෂණය කරන 'Meta" සමාගම යටතට අයත් තවත් එක් යෙදුමක් ලෙස ෆේස්බුක් යෙදුම ද ස්ථානගත වනු ඇත.

මිනිසුන්ට විවිධ උපාංග අතර මාරු වී වර්චුවල් පරිසරයක සන්නිවේදනය කළ හැකි ඩිජිටල් ලෝකයක් වන 'මෙටාටර්ස් පිළිබඳව ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් අදහස්  පළ කරමින් සිටින බවත් ඔවුන් වර්චුවල් රියැලිටි සහ  ඔග්මෙන්ටඩ් රියැලිටි සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇති බවත් 'ද වර්ජ්' ඉකුත්දා පළ කළ ලිපියක් මගින් පෙන්වා දී  තිබිණි.

එමෙන්ම, සමාජ මාධ්‍යයක් ලෙස ස්ථාපනය කෙරුණු ෆේස් බුක් සමාගම සිය Oculus VR headsets, AR Glasses සහ wristband තාක්ෂණික උපාංග වැඩි දියුණු කිරීමේ කටයුතුවලට අවධානය යොමු කර ඇතැයි 'දවර්ජ්' වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ෆේස්බුක් සමාගම ලක්වී ඇති විවේචන වලට අනුව මෙලෙස නාමය වෙනස් කිරිම හොඳ අදහසක් බව ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...