Saturday, 30 October 2021

ලොව පළමු තැපැල් මුද්දරය වෙන්දේසි කිරීමට සූදානම් කර තිබේ.


එය අමෙරිකානු ඩොලර් මිලියන 8 ඉක්මවූ මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ලොව පළමු තැපැල් මුද්දරය ලෙස සැලකෙන 'පෙනී බ්ලැක්' නමැති මුද්දරයක් එලෙස වෙන්දේසි කරන බව සොදබිස් වෙන්දේසි සමාගම පවසයි.

1840 වර්ෂයේ නිකුත් කළ බවට විශ්වාස කෙරෙන මෙම මුද්දරයේ වික්ටෝරියා රැජිනගේ රුව මුද්‍රණය කර තිබේ.

පැන්සයක වටිනාකමකින් යුතුව එය නිකුත් කර තිබුණි.

අවුන්ස භාගයකට අඩු ලිපි තැපැල් කිරීමට මුද්දරය වලංගු වූ බව සඳහන්ය.

1840 වර්ෂයේ මැයි 6 වනදා සිට මෙය භාවිතා කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊට පෙර තැපැල් භාණ්ඩ සඳහා වන ගාස්තුව ගෙවා තිබුණේ භාණ්ඩය ලබන්නා විසිනි.

මෙම මුද්දරය දෙසැම්බර් 7 වනදා ලන්ඩනයේදී වෙන්දේසි කිරීමට නියමිතය.

ඊට අමෙරිකානු ඩොලර් මිලියන 8.25ක මිලක් ලැබෙනු ඇතැයි වෙන්දේසි සමාගම අපේක්ෂා කරයි.

මෙය මුද්‍රණය කරන ලද පළමු 'පෙනී බ්ලැක්' මුද්දර කඩදාසියෙන් ලබාගත් එකක් බවද විදෙස් වාර්තා පවසයි.

එබැවින් එය ඓතිහාසික සංඛේතයක් ලෙසද විදෙස් මාධ්ය පෙන්වා දෙයි.

මෙම මුද්දරයේ වත්මන් හිමිකරුවා වන්නේ ව්යාපාරිකයෙකු සහ මුද්දර එකතු කරන්නෙක් වන ඇලන් හොලියෝක් ය.

පළමුව මුද්‍රණය කරන ලද තවත් 'පෙනී බ්ලැක්' මුද්දර දෙකක් බ්‍රිතාන්‍ය තැපැල් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ලොව පළමු වරට මුද්‍රණය කරන ලද මුද්දර කඩදාසියෙන් ලබාගත් මෙම 'පෙනී බ්ලැක්' මුද්දර තුන පමණක් දැනට ලොව ඉතිරි වී තිබෙන බවටද විශ්වාස කෙරේ.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...