උගන්ඩාවේ සිට කටාර් හරහා කටුනායක ගුවන් තොටුපළට ළගා වූ ගුවන් යානයකින් පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ගිලදැමීමෙන් උදරයේ සඟවා ගෙන රැගෙන ආ කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීහූ අද (15) සමත් වූ බව රේගු මාධ්ය ප්රකාශක නියෝජ්ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
සැකය මත කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ ගේට්ටුවෙදී නවතා ප්රශ්න කිරීමේදී මගීන් පරිලෝකන යන්ත්රය මගින් පරීක්ෂා කිරීමේදී මෙම කොකේන් තොගය එම කාන්තාව ගිලදමා තිබෙන බව සොයාගත් බවත් ඇය 45 හැවිරිදි කාන්තාවක් බවත් රේගුව පවසයි.
උදරයේ කොකේන් අඩංගු ගුලි 100 තිබේ යැයි ඇය පැවසීමෙන් පසුව ඉන් ගුලි 51 ක් ඉවතට ගත් බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් ක්රියාත්මක කරන අතර අදාල කාන්තාව පොලිස් මත්ද්රව්ය කාර්යාංශයට භාරදීමට නියමිත බවත් රේගුව කියයි.
(යොහාන් භාසුර)
No comments:
Post a Comment