Tuesday, 12 October 2021

ඉන්දියාවේ Bharat Biotech ආයතනය විසින් නිපදවනු ලබන කොවැක්සින් එන්නත එරට වයස අවුරුදු 2-18ත් අතර ළමුන් සඳහා භාවිත කිරීමට එරට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් නිර්දේශ කර තිබේ.

Bharat Biotech ආයතනය මගින් නිපදවන මෙම එන්නත වයස අවුරුදු 2 -18 අතර ළමුන් සඳහා ලබාදිම පිළිබඳ සායනික අත්හදා බැලීම්වල දත්ත එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය වෙත ලබා දී ඇත.

එම දත්ත සම්බන්ධව අදාළ විශේෂඥ කණ්ඩායම සිදු කර ඇති නිසි අධ්‍යයනවලින් අනතුරුව මෙම නිර්දේශය ලබා දි ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබේ.

ඒ අනුව, කොරෝනා වෛරසයෙන් වයස අවුරුදු 2ත් -18ත් අතර ළමුන් ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දිමට සුදුසු එන්නතකට අනුමැතිය ලද ලොව ප්‍රථම අවස්ථාව බවට මෙය පත්වූ බව එහි නිෂ්පාදන සමාගම සඳහන් කර තිබේ.

කෙසේ නමුත් මෙම එන්නත් ළමුන්ට ලබා දීම සහ වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට සැලැස්වීමට පෙර තවදුරටත් මෙම එන්නත සම්බන්ධ නියාමන ලබා ගැනීමට බලාපොරොත්තු වන බව එම සමාගම විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ඒ සඳහා අවසන් අනුමැතිය ඉන්දියාවේ ඖෂධ පාලක ජනරාල්වරයා විසින් ලබාදීමට නියමිතය.

එවිට එය ඉන්දියාවේ ළමුන් සඳහා ලබා දිමට අනුමැතිය ලද දෙවන එන්නත බවට පත් වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...