Wednesday, 20 October 2021

මිනිස් මාංශ ආහාරයට ගන්නා පිරානාවැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී තිබේ.


කුමන හෝ විධිවලින් එම මාළු වර්ග ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ, බොල්ගොඩ, දියවන්නාව වැනි තැන්වල සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්යාඥ අජිත් කුමාර පවසනවා.

කාලෙකට පෙර විසිතුරු මත්ස්‍යයය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරානා ද ඉන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

එලෙස වාණිජ කර්මාන්තයකට, විසිතුරු මත්ස්‍යය කර්මාන්තයකට හෝ මතස්‍යයින් කුමන හෝ අන්දමකින් මෙරරට ගෙනවිත් ඇති බවත්, සමහර විට ස්වභාවික ගං වතුරක් පැමිණි විටත් ස්වභාවික පරිසරයට මාළු නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම තවත් ආක්රමණශීලි මාළුවෙක් වෙන මන්නයාබොල්ගොඩ වැවෙහි සිටින බවත් මෙවන් ආක්‍රමණශීලි මාළු බෝවීමෙන් අනාගතදී තර්ජනයක් විය හැකි බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්යාඥ අජිත් කුමාර වැඩි දුරටත් පවසනවා.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...