Monday, 11 October 2021

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාරිභෝගික පනත යටතේ නම් කර ඇති අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පාලනය කිරීමට නොහැකි නම් අමාත්‍යවරයා ඉල්ලා අස් වි ගෙදර යා යුතු බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසයි.


ඇය ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය භාණ්ඩ අහෝසි කර ඒවායෙහි මිල නියම කිරීම වෙළෙඳුන් අතට පත්කිරීම මානව හිමිකම් උලංජීඝණය කිරීමක් බවය.

"අත්‍යවශ්‍ය භාණ්ඩ කියන එකක් සැකසුම් කරන්නේ ජනතාවට මේ භාණ්ඩවල මිල යම්කිසි විධියකින් වැඩි කළොත් ඒ තුළින්පැන නගින ප්‍රශ්න විසඳන්න. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැකසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාරිභෝගික අධිකාරිය කරන දෙයක්. පහුගිය දිනවල අපි දැක්කා හාල් මිල පාලනය කිරීම පාරිභෝගික අධිකාරිය අතහැරලා

එය හාල් මෝල් අයිතිකරුවන්ට පවරා දෙනවා. අපි දැන් දකිනවා කිරිපිටි මේ රටට ආනයනය කරන පිරිසට පවරනවා ඒ පාරිභෝගිකයාට අලෙවි කරන කිරිපිටිවල මිල ගණන් තීන්දු තීරණය කිරීමට. එතකොට ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියන එකෙන් ඉවත් කරලා. හාල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියන එක ඉවත් කරලා. ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියන එක ඉවත් කරලා. සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියන එක ඉවත් කරලා.

මේ ඉවත් කිරීම තුළින් අපේ රට අද කරල තියෙන්නේ මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. අමු අමුවේ මානව අයිතිවාසිකම් කඩ කරල තියෙනවා පාරිභෝගික අමාත්‍යතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්."

"දැන් පාරිභෝගික කටයුතු අධිකාරිය කියනවා නම් මේ භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන ඒවා කියලා, පාරිභෝගික ඇමති ඉල්ලා අස්විය යුතු මයි. ඔහුට බැරි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාරිභෝගික පනතට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ කියල තියෙන දේවල්වල මිල පාලනය කරන්න, පාරිභෝගික කටයුතු ඇමතිතුමා දැන් ඉන්නෙ බඩගාගෙන යන තත්වයේ නම් කරුණාකර ගෙදර යන්න. මොක ද ඔබතුමා දන්නෙ නෑ පාරිභෝගික පනත. ඔබ තුමා දන්නෙ නෑ මේ විෂය ගැන.

මේකයි ගැටලුව තියෙන්නේ. ඔබතුමා අලුත් කෙනෙක්. ඒ නිසා ඔබතුමා කරුණාකරලා ගෙදර යන්න කියලා මම ඉල්ලීමක් කරනවා."

By Mawbima 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...