Wednesday, 13 October 2021

ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යයවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
විද්යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹී තිබේ.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා නව නීති සම්පාදනයට තීරණය කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...