හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙනා මුදල් රැගෙන පළා ගිය වෑන් රථ රියදුරෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (01) සවස 04.55ට පමණ පෞද්ගලික ආයතනයක්
මඟින් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් මුදල්
රැගෙන ගොස් ඇත.
කපල්ල, දියතලාව ප්‍රදේශයේ දී එම
වෑන් රථයේ සිටි නිලධාරීන් ATM යන්ත්‍රයකට මුදල් දැමීමට ගිය අවස්ථාවේ දී එහි රියදුරු
වෑන් රථයේ තිබූ රුපියල් 17,419,700ක මුදලක් රැගෙන පළාගොස් තිබේ.
පසුව
අඹේවෙල - රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ මංසන්ධියේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා
කැප්පෙටිපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
No comments:
Post a Comment