Wednesday, 17 November 2021

 


මෙරට සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට හැකි වන පරිදි සිනමාව, කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඊට අදාළ යෝජනාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කර ඇත.

දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක්ලෙස නීත්‍යනුකූලව ප්‍රකාශයට පත් කර නොමැති විම තුළ එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙළෙඳපොළට සිමා වී ඇති බව අදාළ යෝජනාව මගින් පෙන්වා දී තිබේ.

එමෙන් ම, කොවිඩි-19 ගෝලීය වසංගත තත්ත්ව ය හමුවේ දේශීය සිනමා කර්මාන්තය මහත් අර්බුද රැසකට මුහුණ පා ඇති බව ද එමගින් පෙන්වා දී ඇත.

ඒ අනුව, චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තුළින් ජීවනෝපාය මාර්ග රාශියක් උත්පාදනය වීම, සමාජ හා සංස්කෘතික මෙන් ම ආර්ථික නවීකරණයක් ඇති වීම, සංචාරක ව්‍යාපාරය හා අධ්‍යපනය යන අසිංහ සඳහා දායකවීම ආදී ප්‍රතිලාභ රාශියක් අත් කර ගත හැකි බව හා එමගින් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව හඳුනා ගෙන තිබේ.


තාරක සම්මාන්

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...