ලෝක වෙළෙඳපොළේ රත්රන්වල මිල ඉහළගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඉහළයමින් පවතින උද්දමනය හේතුවෙන් රත්රන් සහ රිදී වැනි වෙළෙඳ භාණ්ඩ සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී ඇති බව එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
ලෝක වෙළෙඳපොළේ රත්රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළගොස් ඇති බව සඳහන් වෙයි.
ඒ අනුව රත්රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1862.97කින් ඉහළගොස් තිබේ.
නමුත් මෙරට වෙළෙඳපොළේ මෙතෙක් රත්රන් මිලෙහි සැළකියයුතු වෙනසක් සිදුව නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිට ශ්රී ලංකාවේ වෙළෙඳපොළේ රන් මිල දැක්වෙන්නේ කැරට් 22 පවුමක් සඳහා 109,200ක් සහ කැරට් 24ක පවුමක් සඳහා 118,000ක් ලෙසයි.
No comments:
Post a Comment