Monday, 15 November 2021

 

වයස අනුව ගෙවුණු කාටිලේජ් වර්ධනයට බාධා කරන කොස්, දෙල්, වම්බටු, මැකරල්, මුංඇට, කව්පි, මඤ්ඤොක්කා, අල, පරිප්පු නොගත යුතුයි.
අද සමාජයේ බොහෝ දෙනෙකු පීඩාවිඳින විඳවන රෝගී තත්ත්වයක් ලෙස ආතරයිටිස් හඳුන්වන්න පුළුවන්.
රුමටොයිඞ් ආතරයිටිස්වලට හෝමියෝපති පරතිකාර
ආතරයිටිස් වර්ග 100කට අධික සංඛ්යාවක් ඇති අතර බහුතරයකට ඔස්ටියෝ ආතරයිටිස් එනම් සන්ධි ගෙවීයෑම නිසා ඇතිවන ආතරයිටිස් වර්ගද ලේවල සුදු ෙසෙලවල කරියාකාරිත්වය වැඩිවීම නිසා කාටිලේජ් ක්ෂය කරවන රුමටොයිඞ් ආතරයිටිස් වර්ග ද ජන සමාජයේ බහුතරයකට පවතින ආතරයිටිස් වර්ග වේ.
රුමටොයිඞ් ආතරයිටිස් රෝගය
ස්වයං පරතිශක්තිකරණ රෝග (Autoimmune Disease) කාණ්ඩයට අයත්ය. එම කාණ්ඩයට අයත් වන තවත් රෝග ලෙස psoriatic arthritis, Multiple sclerosis, Lupus arthritis වැනි රෝග ඇතුළත්ය.මෙහිදී සිදුවන්නේ අපේ ශරීරයේ පරතිශක්තිකරණ පද්ධතිය වැරදි නිගමනයන් නැතිනම් වැරදි වටහාගැනීමක් යුක්තව ශරීරයේ හතුරකු ලෙස අපේම සන්ධිස්ථානවලට දැඩි පරහාර එල්ලකිරීමට යෑමයි. මෙහිදී සුදු රුධිරාණු කරියාකාරිත්වය වැඩිවී වේගවත් ලෙස සන්ධි කුහරවලට ගලාඒම. එහිදී ඔවුන් පිටකරන සයිටොකයිනිස් (cytokines) රසායනික ද්රව්ය සන්ධි වටා ඇති ආරක්ෂක පටලය synovial membrane විනාශ කිරීමට ගන්න උත්සහය තුළ ඊට පරතිචාරය ලෙස සන්ධිය පරතිපරහාර එල්ල කිරීමට යෑම සිදුවන කරියාවලිය සන්ධිය තුළ ලසිකා නමැති ෙසෙල පාලනයකින් තොරව වර්ධනය වීම සිදුකරයි. එමගින් පටක සමුහයක් එකට එක්වී පන්නස (pannus) නමැති ව්යුහයක් ගොඩනැගෙන අතර එමගින් කාටිලේජ් විනාශ කරන එන්සයිමයන් නිපදවී කාටිලේජ් විනාශ කිරීම සිදුකරයි. මේ නිසා සන්ධි එකිනෙක ගැටීම, ඉදිමීම, වේදනාව, සන්ධිය තුළ ඇති කරවන පරදාහක තත්ත්වය රුමටොයිඞ් ආතරයිටිස් ලෙස හඳුන්වනවා. වළලූකර, මැණික් කටු සන්ධිය, දණහිස, අත් පා, ඇඟිලි පුරුක් පරධාන ලෙස පරදාහයට ලක්වන ස්ථාන වේ. රසායනික පරීක්ෂණ මගින් එනම් Rheumatoid factor, ESR, FBC, CRP මගින්ද X Ray වාර්තා මගින් ද නියමාකාර ලෙස රෝගය සනාථ කරගත හැක. මෙහිදී අපට ඇත්තේ Sero Negative Rheumatoid Arthritiso, Sero Positive Rheumatoid Arthritis යන වග පරීක්ෂණ මගින් වෛද්යවරයා නිගමනය කරනු ලබයි.
රෝග ලක්ෂණ
* මූලික ලක්ෂණ ලෙස ඇඟිලි පුරුක්වල එන වේදනාව කරම කරමයෙන් අනෙකුත් ඇඟිලි පුරුක්වල වේදනාව සමග ඉදිමීම
* උදයට නැගිටින විට ඇඟිලිවල තද ගතිය, ඉදිමුම් ස්වභාවය එය අනෙක් සන්ධිවලත් පැතිරීම.(morning stiffness)
* මද උණ ගතිය දැනීම
* කෑම අරුචිය
* රාතරී නින්ද නොයාම
* මළ බද්ධය
* සන්ධි චලන අපහසු වීම
* සමෙහි ගැටිති මතුවීම
* පපුව වරින්වර කැක්කුම ගැනීම
* ඇස්වල කැසීම
* මහන්සිය දැනීම
* සන්ධි රතු පැහැය ගැනීම
* දරාගත නොහැකි වේදනාව
* කරම කරමයෙන් සන්ධි ඇද වීම
Anti CCP (Anti Cyclic Citrullinated Peptide Antibody) පරීක්ෂණය මගින් පරීක්ෂා කරනු ලබන පරතිදේහය වැඩිපුර තිබෙන රෝගියකුගේ සන්ධි ඇවිදීමේ වැඩි පරවණතාවක් පැවතිය හැක.
අවදානම් සාධක
* හෘදයාබාධ ඇතිවීම
* රක්තහීනතාවය (hemoglobin අඩු වීම)
* පෙණහලූවල කැළැල් ඇතිවීම(scarred nodular lungs)
* හුස්ම ගැනීම අපහසුතාවය
* ඇස් වියළීම, ඇස් ආසාදන තත්ව ඇතිවීම
* සමේ ගැටිති මතුවීම, ආසාදන ඇතිවීම
* සිතුවිලිවල ව්යාකුලභාවය හට ගැනීම වැළැක්වීම
පහත සඳහන් ආහාර රුමටොයිඞ් ආතරයිටිස් වර්ධනයට බලපානු ඇත
* සීනි සහිත ආහාර පාන වර්ග අධික භාවිතය
* සැකසූ සහ රතු මස්
* ක්ෂණික ආහාර (පීසා, බර්ගර්)
* මත්පැන් භාවිතය
* ඔමේගා 6 මේද වැඩි ආහාර ගැනීම
* ඔමේගා 3 මේද අඩු ආහාර අසමතුලිතව ගැනීම
* ලූණු අධික ලෙස ආහාරය ගැනීම
* ටින් කළ, ඇසුරුම් කරන ලද ආහාර ගැනීම
* ඇතැම් චීස්, බටර් වර්ග භාවිතය
රුමටොයිඞ් ආතරයිටිස් මර්දනය සදහා ගත යුතු ආහාර
* බ්ලූබෙරි, බැක්බෙරි, ස්ට්රෝබේරි, කැන්බෙරි, රාසස්බේරී මේවා පරතිඔක්සිකාරකවලින් පොහොසත් වන ආහාරයට ගැනීම සුදුසුයි
* ඇපල් පරතිඔක්සිකාරකවලින් ඉතා පොහොසත්ය
* වට්ටක්කා, හතු, බ්රොකලි වැනි එළවළු
* ඉඟුරු, සුදුලූනු භාවිතය
* නිසි උපදෙස් මත ව්යායාමවල නිරත වීම
* ආහාරවලට අමතරව මනසේ සන්සුන්කම, නිරවුල්භාවය ඉතා වැදගත්ය
හෝමියෝපති පරතිකාර
ඉතාම සුවිශේෂයි. රෝග මූලයම නැතිකර දමන බැවින් රුමටොයිඞ් ආතරයිටිස් සුව කළ හැකි රෝගයකි. හෝමියෝපති පරතිකාර මූලධර්ම අනුව රෝගියාට අනුගත කරන ඖෂධිය කරියාවලිය ශරීරයේ සතුරුව සිටින පරතිශක්තිකරණ පද්ධතිය නැවත හිතකාමී තත්ත්වයට පරිවර්තනයට යොමු කිරීම මින් සිදුකරනු ඇත. එමගින් සුදු ෙසෙල පරහාර කරියාවලිය කරම කරමයෙන් නැතිවීයාම රෝග මූලය යථා තත්ත්වයට ගෙන ඒම මෙම පරතිකාර කරමයේ පරතිඵල දැක්ම ලෙස වේදනාව නැතිවීයාම, ඉදිමීම නැතිවීයාම, ඇදය කරම කරමයෙන් වෙනස් වීම, රෝගියා යළි යථා තත්ත්වයට පත්වීම අපට දැකගත හැකිය. මේ තුළ ශරීර අභ්යන්තරය රුධිර රසායනික සංයුතිය සමතුලිත වීම සිදුවන අතර නියමාකාර ලෙස පරතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීම සිදුකරයි.
රෝගියාගේ සුවපත්භාවය නිසැක වනු ඇත.
නමුත් වයස අනුව ගෙවුණු කාටිලේජ් වර්ධනයට බාධා කරන කොස්, දෙල්, වම්බටු, මැකරල්, මුංඇට, කව්පි, මඤ්ඤොක්කා, අල, පරිප්පු නොගත යුතුයි. හෝමියෝපති ඖෂධිය ආලේපනවල අනර්ඝ ඖෂධිය කරියාකාරිත්වය ”ආතරයිටික් කියෝ” සහ ”වෙරිකොස් කියෝ” කාටිලේජ් වර්ධනය වීමටත්, අස්ථි පේශි, නහර, ස්නායු කන්ධරා, බන්ධනීවල වෙනස්කම් යළි යථා තත්ත්වයට ගෙන ඒමට මහත් සේ උපකාර කරනු ඇත.
කිසිදු අතුරු ආබාධයකින් තොරව, පාවිච්චිය පහසු වූ මෙම අනර්ඝ හෝමියෝපති පරතිකාර කරමය තුළ රෝගියාගේ පෙන්වන කායික රෝග ලක්ෂණ දැනෙන මානසික ලක්ෂණ මේ සියල්ල සැලකිල්ලට ගනු ලබයි. හෝමියෝපති පරතිකාර කරියාවලිය රෝගයට නොව රෝගියාට සිදුකරනු බැවින් ඔවුනොවුන් පෙන්වන ආවේනික රෝග ලක්ෂණ රෝග මූලය යථා තත්ත්වයට ගෙන එම තුළ නැතිවී යන්නේ රෝගියා සම්පූර්ණයෙන් රුමටොයිඞ් ආතරයිටිස් රෝගී තත්ත්වයෙන් කරම කරමයෙන් සුවපත් භාවයත් සමගය. එම සුවය අත්විඳීම ඔබගේ දිවියේ වාසනාව වනු ඇත.

වෛද්ය අනුෂා හේමකුමාර විසිනි

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...