අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත පස් වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබ තිබෙි.
ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයා දෙසැම්බර් 05 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.
''පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුව දෙසැම්බර් 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අබුඩාබි නුවරදී පැවැත්වෙයි.
ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ මතුවන තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී සාකච්ජා කෙරේ .
රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.
(අංජුල මහික වීරරත්න) ලංකාදීප
No comments:
Post a Comment