Wednesday, 3 November 2021

 


Facebook සමාගම සිය සන්නම නාමය 'මෙටා' ලෙස වෙනස් කිරීමෙන් පසු Facebook යෙදවුමෙහි තවත් එක් වෙනස්කමක් සිදුකිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව Facebook යෙදවුම තුළ යම්කිසි පරිශිලකයකුගේ ඡායාරූප, වීඩියෝ ආදිය හරහා ස්වයංක්‍රීයව අදාළ පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා ලබා දී තිබූ facial recognition system නවත්වා දමන්නට Facebook කටයුතු යොදා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, Meta ආයතනය ඊයේ (නොවැ.2) දින සිට පරිශීලකයින්ගේ දත්ත ස්කෑන්වීමක් මගින් artificial intelligence හරහා එලෙස ස්වයංක්‍රීයව පුද්ගලයා හඳුනා ගැනීම තවදුරටත් සිදු නොවන බව දැනුදුන් බව ය.

ලොව පුරා විශාල සංඛ්‍යාවක් පරිශීලනය කරන සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස Meta ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ මේ වන විට ගෝලීය වශයෙන් සමාජ මාධ්‍ය තුළ ආචාර ධර්මයන්ට තර්ජන එල්ල විම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇති අවස්ථාවක ය.

පරිශිලකයන්ගේ තොරතුරු සහ පෞද්ගලිකත්වයට ඉතාමත් අහිතකර ලෙස තර්ජන එල්ල කරන බවට බොහෝ අවස්ථාවන්වලදී Facebook ආයතනයට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව මෙම facial recognition system යන්න ලොව පුරා සියලු Facebook පරිශීලකයන්ගේ ගිණුම්වලින් ඉවත් කිරිමට මෙටා ආයතනය කටයුතු කරමින් සිටින බවත් එය එළඹෙන දෙසැම්බර් වන විට සම්පූර්ණයෙන් ඉවත් කර දැමිමට හැකි වනු ඇති බවත් Meta ආයතනයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

ඩිජිටල් තාක්ෂණය හමුවේ තම රහස්‍යභාවය තබා ගැනීමේ අයිතිවාසිකම සම්බන්ධයෙන් හඩ නඟන කණ්ඩායම් විසින් ෆේස්බුක් ආයතනයේ මෙම හැරවුම පිළිගැනීමට ලක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසා ඇත.

ඒ අනුව මෙම facial recognition ඉවත් කිරිමත් සමග ෆේස්බුක් වෙත ඡායාරූප, වීඩියෝ ආදිය එකතු කිරිමේදී අදාළ ඡායාරූපවල සිටින පුද්ගලයින්ගේ මුහුණු මගින් අදාළ පුද්ගලයා හඳුනාගැනීම තවදුරටත් සිදු නොවන නමුත් ෆේස්බුක් ලබාදී ඇති අනෙකුත් පහසුකම්වල කිසිදු වෙනසක් සිදු නොවන බව ද ෆේස්බුක් ආයතනය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...