Tuesday, 16 November 2021


* බූස්ටර් එන්නත දීම කඩිනම් කළ යුතුයි GMOA කියයි

කොවිඞ් මර්දන එන්නත් මාතරා දෙකම ලබාගත් පුද්ගලයන්ද මියයෑමේ වැඩිවීමක් පෙන්නුම් කරන නිසා මෙරට ජනතාවට තෙවැනි මාතරාවක් (බූස්ටර් ඩෝස්) ලබාදීම කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොවිඞ් මර්දනය වෙනුවෙන් ලබාදෙන ඕනෑම එන්නතක් මාස හයක කාලයකට පසු පරතිදේහ නිපදවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන නිසා පුද්ගලයන් තුළ පරතිශක්තිය හීනවීම හේතුවෙන් මරණ අනුපාතය ඉහළ යමින් තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම්, වෛද්ය නවින් ද සොයිසා මහතා පැවසීය.
එන්නත් මාතරා දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් හත්සියයට අධික පිරිසක් මියයාමත් එක් එන්නත් මාතරාවක් ලබාගත් දෙදහස් එකසිය දහනව දෙනකු මරණයට පත්වීමත් සුළුකොට තැකිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
වසංගත රෝග විද්යා අංශයේ දත්තවලට අනුව එන්නත් මාතරා දෙකම ලබාගත් පුද්ගලයන් මියයාම ඉහළ අගයක් පෙන්නුම් කරන නිසා තෙවැනි මාතරාවක් (බූස්ටර් ඩෝස්) ලබාදීම වඩාත් වේගවත්ව කළ යුතුව ඇතැයි ද වෛද්ය නවින් ද සොයිසා මහතා පැවසීය.
මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය නොවීමට නම් කොවිඞ් පරභේද ගැන සිදු කෙරෙන පරීක්ෂණ වැඩි කිරීමත් ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණයන් වේගවත් කිරීමත් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එන්නත ගැනම පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම මේ මොහොතේ යම් අවදානම් තත්ත්වයක් වී ඇතයි පැවසූ වෛද්ය නවින් ද සොයිසා මහතා රජය, විපක්ෂය සහ ජනතාව ද සෞඛ්ය මාර්ගෝපදේශ ආරක්ෂා කළ යුතු බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...