එළඹෙන ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු මගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කෙරෙන QR කේතය ස්මාර්ට් දුරකථනයට ඇතුළත් කර හෝ එහි මුද්‍රිත පිටපතක් රැගෙන එන ලෙස අනිවාර්යය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ගුවන්තොටුපළේදී සිදුවන මගී තදබදය අවම කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කළ බව කොළඹ දී අද (15දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වුවද අදාළ දෑ සිදු කර ගැනීමට නොහැකි වන මගියෙකු වුවහොත් අදාළ පෝරමය පුරවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉදිරිපත් කර ගුවන්තොටුපළෙන් පිටව යා හැකි බවද හෙතෙම පවසා සිටියේය.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ,
"ශ්‍රී ලාංකියන් හෝ වේවා විදේශිකයන් හෝ වේවා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මගීන්ට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කරන්න පෝරමයක් නිකුත් කරලා තිබෙනවා. මීට පෙර එම පෝරමය පුරවා නැත්නම් %ඔන්ලයින්^ ක්‍රමයට QR කේතයක් සකසා ගෙන ඒ ක්‍රම 02ටම එන්න අපි අවස්ථාව ලබා දුන්නා.
නමුත් අපි දැක්ක දේ තමයි පෝරමය පුරවලා එය ගුවන්තොටුපොළේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්වීම සඳහා ගිය විට එතන ලොකු පෝලිමක් හැදෙනවා.
ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම මගීන්ට එම QR කේතය, මෙරටට පැමිණීමට ප්‍රථම ඔවුන්ට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් ඒකට දාගෙන එන්න කියන්න, නැත්නම් එහි ප්‍රින්ට්අවුට් එකක් රැගෙන ආවොත් ගුවන්තොටුපොළේදී කිසිම රස්තියාදු වීමක් නොමැතිව විනාඩියකින් දෙකකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ පරීක්ෂාවෙන් පසු යන්න පුළුවන් කියලා.
කොහොම වුණත් කවුරුන් හෝ කෙනෙකුට ඒක කරගන්න බැරි වුණොත් ඔවුන්ව අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන්ට ඒ අදාළ පෝරමය පුරවලා ලියකිවිලි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්වා යන්න පුළුවන්" යනුවෙනි.
නිදර්ශනී වික්‍රමසිංහ
No comments:
Post a Comment