Thursday, 16 December 2021


කොළඹ සෞඛ්‍ය නීති කැඩුවොත් රැපිඩ් ඇන්ටිජන්


පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් කොළඹ නගරයේ හෝටල්හි සහ රාත‍්‍රී සමාජ ශාලාවන්හි හෝ නිවෙස්හි නත්තල් සාද සහ අලුත් අවුරුදු සාද පැවැත්වීම නොකරන ලෙස සෞඛ්‍ය අංශ මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ මෙවැනි සාද පවත්වන්නේ නම් ඒ ගැන දුරකථන අංක 0112/676161 වෙත දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.


එළඹෙන උත්සව සමයේ දී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.


විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...