යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදි කිලෝ 300 කට ආසන්න බරකින් යුතු දුර්ලබ වර්ගයේ විශාල කැස්බෑවෙකු රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
කොට්ඨාස අපරාධ අංශයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නාවන්තුරෙයි ප්‍රදේශයේ මාර්ගයක කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවකු අදාල කැස්බෑවා කුඩා ලොරි රථයකින් පවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
කැස්බෑවා යහපත් සෞඛ්‍ය තත්වයේ සිටීම හේතුවෙන්අද (12) දින යාපනය අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයන් යටතේ වනජීවි කාර්යාලයේද සහය ඇතිව නැවත මුහුදටම මුදා හැරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.
අදාල කැස්බෑවා ඉතා දුර්ලබ ගනයේ අයෙකු වන අතරම ඉතා විශාල වන බවටද වාර්ථා වෙයි. මෙම කැස්බෑවා අධික මිලකට විකිණීම සඳහා රැගෙන යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවට දිසා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
අත්අඩංගුවට ගත් සැකකරු නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකු වන අතර සැකකරු කුඩා ලොරි රථයද කුලීපදනම මත ලබාගෙන කැස්බෑවා රැගෙන ගොස් ඇති බවටද අනාවරනය වී ඇත.
රොමේෂ් මධුෂංක සහ ඉන්දිකා රාමනායක
No comments:
Post a Comment