Tuesday, 28 December 2021



නුවරඑළිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.


නුවරඑළිය මහ නගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රේගරි වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු ග්‍රේගරි වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් (22දා) සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.


කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑළිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කල රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යළිත් බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද එම සංගමයේ සමාජිකයන් කියා සිටියි.


මේ දිනවල නුවරඑළියට  විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්,එම සංචාරකයන්ට පවත්වා තත්ත්වය මත ග්‍රේගරි වැවේහි විනෝද විමට අවස්තාවක් නොලැබිම තුලින් එම කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් වි සිටින බවයි නුවරඑළිය ග්‍රේගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...