විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් "Fitch Ratings" අනතුරු අඟවයි.
ඒ අනුව "ෆිච් රේටින්ස්" විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම 'CCC' සිට 'CC' දක්වා පහත දමා ඇත.
මේ සම්බන්ධයෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් "ෆිච් රේටින්ස්" පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවයි.
ඒ අනුව ඉදිරි මාසවල දී ණය පැහැර හැරීමක වැඩි සම්භාවිතාවක් කෙරෙහි "ෆිච් රේටින්ස්" හි අවධානය යොමුව ඇති බවද අවධාරණය කර තිබේ.
මේ අතර "ෆිච් රේටින්ස්" පවසන්නේ සිය අවසන් සමාලෝචනයේ දී බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී ඇති බවය.
විදේශ විනිමය සංචිතය අගෝස්තු මාසයේ සිට ඩොලර් බිලියන 2කින් පමණ අඩු වී ඇති අතර එය නොවැම්බර් අග වනවිට ඩොලර් බිලියන 1.6 ක් දක්වා පහත වැටී ඇත්තේ මාසයකටත් වඩා අඩු බාහිර ගෙවීම්වලට ප්‍රමාණවත්භාවයක් පිළිබිඹු කරමිනි.
"2022 සහ 2023 දී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැති විට රජයට සිය විදෙස් ණය ගෙවීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම ණය ගෙවීම් 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් ඇතුළත් වේ. ඒ අනුව 2022 වසරේ දී ඩොලර් බිලියන 6.9 ක පොලී ද ඇතුළුව විදෙස් ණය ප්‍රමාණයක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත. මෙය නොවැම්බර් අවසන් වනවිට පැවති විදෙස් සංචිතය මෙන් 430% ක් පමණ වේ. 2022 සිට 2026 දක්වා ශ්‍රී ලංකාවේ සම්ච්ඡිත විදෙස් ණය සේවාකරණය ඩොලර් බිලියන 26කි.", යනුවෙන් "ෆිච් රේටින්ස්" වැඩිදුරටත් මෙහිදී පෙන්වා දී ඇත.
No comments:
Post a Comment