Monday, 31 January 2022

 


පානදුර, ජයතිලක මාවතේ උපකාරක පන්තියක් තුළදී 13 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු අද (31) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.

අතවරයට පත් දැරිය රෝහල්ගත කර තිබේ.

ගණිතය විෂය ඉංග්රීසි මාධ්යයෙන් හැදෑරීම සඳහා වසරකට ආසන්න කාලයක සිට අදාළ දැරිය සැකකාර ගුරුවරයාගේ උපකාරක පන්තියට සහභාගි වී ඇති අතර ඉකුත් 29 වන දින දැරිය ගුරුවරයා ඉගැන්වූ පාඩම අනෙකුත් දරු දැරියන්ට පෙර නිම කර ගුරුවරයාට පෙන්වා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

අනතුරුව සැකකාර ගුරුවරයා විසින් උපකාරක පන්තියේ අනෙකුත් දරු දැරියන්ට නොපෙනෙන ස්ථානයක තිබෙන පොත් රාක්කයක් දැරියට පෙන්වා එහි තිබෙන පොත් පිළිවෙළකට තබන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයි.

36 හැවිරිදි අවිවාහක සැකකාර උපකාරක පන්ති ගුරුවරයා අධිකරණ වෛද් නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

සැකකරු (Feb: 01දින පානදුර මහේස්ත්රාත් අධිකරණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...