Wednesday, 26 January 2022



කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


අදාළ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දේශීය නියෝජිත ආයතන විසින් හිඟ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති බවය 


රටතුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය මෙයට හේතුවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙයි.


පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කළ අතර එහිදී සතියකට එක් ගුවන් යානයක් පමණක් පියාසර කෙරුණි.


ශ්‍රී ලංකාවේ සිට බටහිර ආසියානු රටවල් සහ ගල්ෆ් රාජ්‍යයන් වෙත විදෙස්ගතවන ශ්‍රමිකයන් මෙම ගුවන් සේවය භාවිත කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...