රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හා අලුත් කර ගැනීමට වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් 1,213 දෙනෙකුගේ රුධිර සාම්පල පරික්ෂා කිරීමේදී ඔවුන්ගෙන් 145 දෙනෙකු මද්‍රව්‍ය භාවිත කරන බවට අනාවරණය වී ඇතැයි පොලිස් ජ්යෙෂ්ඨ මාධ්‍ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ජාතික ප්රවාහන වෛද්‍ය ආයතනයේ වාර්තා මගින් මෙම තොරතුරු අනාවරණය වී යැයි ද ඒ අනුව මන්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අල්ලා ගැනීම සඳහා මෙම සතියේ සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කරන්නේ යැයි ද අජිත් රෝහණ මහතා කීය.
මින් වැඩි පිරිසක් ම ලොරි රථ ධාවනය කරන්නවුන් බව ත් ඉන් 21 දෙනෙකු බස් රථ ධාවනය කරන රියැදුරන් බව ත් මෙය භයානක තත්වයක් බව ත් හෙතෙම කීය.
ජාතික ප්රවාහන වෛද්‍ය ආයතනය මගින් ලබා ගත් තොරතුරුවලට අනුව දිනකට මෙතරම් පිරිසක් මන්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්නම් එය 10%ක ප්රතිශතයක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද කී ජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ශ්රී ලංකාවේ වාහන රියැදුරන් මන්ද්‍රව්‍ය භාවිත කර හෝ මන්ද්රව්යවලට ඇම්බැහි වි රිය ධාවනය කරන බව මින් නිරීක්සණය වන බව ද සඳහන් කළේ ය.
මත්පැන් භාවිත කර රිය පදවන්නන් කොටු කර ගැනීමට මෙතෙක් සිදු වුව ද මන්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් පිළිබඳ අවධානයක් යොමු නොවීම නිසා මෙය මාර්ග ආරක්ෂාවට තදබල තර්ජනයක් බැවින් ඉදිරියේදී දිවයින පුරා මන්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හා මත්ද්රව්යවලට ඇබ්බැහි වූ රියැදුරන් කොටුකර ගැනීම දීප ව්යාප්තව සිදු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
කීර්ති මෙන්ඩිස්
No comments:
Post a Comment