Monday, 28 February 2022



රුසියානු-යුක්රේන ගැටුම සමථයකට පත් කර ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡ අද පස්වරුවේ ශ‍්‍රී ලංකා වේලාවෙන් 2.30 ට ආරම්භ විය. කලින් ඇති කරගත් එකඟතාවට අනුව, සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන බෙලරූස් දේශසීමාවේය.

සාකච්ඡා සඳහා සහභාගී වුණු යුක්රේන නියෝජිත පිරිස බෙලරූස දේශසීමාවට පැමිණියේ පෝලන්ත දේශසීමාව හරහා හෙලිකොප්ටරයකිනි.
යුක්රේන නියෝජිතයන් 5 දෙනකුගෙන් සමන්විත එම කණඩායමට යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව්, යුක්රේන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිකොලා ටොචෙට්ස්කි, ජනාධිපති කාර්යාල ප‍්‍රධානි මිකයිලෝ පොදොලියාක් එක් වී සිටියහ.
යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි දෙරට අතර සාකච්ඡාවේදී කතා කළ යුතු ප‍්‍රධාන මාතෘකා ලෙස සටන් විරාමය සහ රුසියානු හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගැනීම පෙන්වා දුන් දී තිබුණි.
දීර්ග කඹ ඇදීමකින් පසු රුසියානු හමුදා මෙහෙයුම අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට කණ්ඩායමක් බෙලරුස් වෙත යැවීමට යුක්රේනය එකඟ වී ඇති බවත් රුසියාව සහ යුක්රේනය යන දෙරටේම දේශසීමාවලට ආසන්න බෙලරුස්හි ගොමෙල්හි කලින් සැලසුම් කර පරිදි සාකච්ඡා පැවැත්වීමට යුක්රේන රජය කැමැත්ත පලකළ බවත් රුසියානු දූත කණ්ඩායමේ ප‍්‍රධානියා වන ව්ලැදිමීර් මෙඩින්ස්කි මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
”ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ යුක්රේන දූත පිරිස බෙල්රුසයට පැමිණීමේදී, රැස්වීමේදී සහ ආපසු යුක්රේනය බලා යාමේදී බෙලාරුසියානු භූමියේ ස්ථානගත කර ඇති සියලූම ගුවන් යානා, හෙලිකොප්ටර් ගුවන් ගත නොකිරීමටත්, මිසයිල පද්ධති අක‍්‍රීය කිරීමටත් වගකීම එම දුරකථන සංවාදයේදී භාර ගත් බවත් ” එම ප‍්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
කියේවිහිදීය (රොයිටර්) (034)

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...