Monday, 28 February 2022


වසර තුළදී මෙතෙක් මාරක රිය අනතුරුවලින් 450කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ ජනවාරි මස 01 වනදා සිටි පෙබරවාරි 25 වනදා දක්වා කාලය තුළ දිවයිනේ ප්රදේශවල සිදුවූ මාරක රිය අනතුරු 434ක් සිදුව ඇති බවය.
ඉන් පුද්ගලයින් 457ක් මියගොස් ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා,
"පෙබරවාරී 19 වනදා සිට 25 වනදා දක්වා වූ පසුගිය සතියක කාලය තුළ සිදුවූ රිය අනතුරු 43කින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තිබෙනවා. බරපතළ තුවාල රිය අනතුර 120ක් ඒ වගේම සුළු තුවාල රිය අනතුරු 173ක් පසුගිය සතිය තුළ සිදුව තිබෙනවා. යතුරුපැදි 17ක් ලොරි රථ 8ක් ඒ වගේම ත්රීරෝද රථ 05ක් මෙම මාරක රිය අනතුර සඳහා මූලිකව මුහුණ දී තිබෙනවා. යතුරුපැදිකරුවන් 16ක්, පදිකයින් 13ක්, මගීන් 07ක් සහ පසු පැදිකරුවන් 04 දෙනෙකු මෙම මාරක රිය අනතුරවලින් මිය ගිහින්. 44 දෙනාගෙන් 24 දෙනෙක් පදිකයින් මගීන් සහ පසු පැදිකරුවන්, ඔවුන් වාහන ධාවනය සඳහා සම්බන්ධ වන පුද්ගයින් නොවේ. යතුරුපැදිකරුවන් තමයි වැඩිපුරම මියගොස් තිබෙන්නේ ඔවුන් 16 දෙනෙක්. ඊට අමතරව මෙම පදිකයින් මගීන් සහ පසුපැදිකරුවන් ඉන්පසුව වැඩිපුරම මිගොස් තිබෙනවා."
"පසුගිය සතිය තුළ හප්පා පළායාම් 5ක් වාර්තා වෙනවා. ඒ කියන්නේ රිය අනතුර සිදුකර ඒ පිළිබඳව දැනුම් නොදී පළායාම් අවස්ථා 5කදී මාරක රිය අනතුරු 5ක් වාර්තා වෙනවා. මෙම වාහන අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවලා තිබෙනවා."
"ජනවාරි මස 01 වනදා සිටි පෙබරවාරි 25 වනදා දක්වා කාලය තුළ දිවයිනේ ප්රදේශවල සිදුවූ මාරක රිය අනතුරු 434ක් 457ක් මියගොස් තිබෙනවා. බරපතළ තුවාල රිය අනතුරු 861 සිදුවෙලා තියෙනවා. යතුරුපැදි 177ක්, ලොරි රථ 165ක්, ත්රිරෝද රථ 58ක් වෑන් රථ 28ක් මෙම මාරක රිය අනතුරු 434ක් සඳහා මූලිකව මුහුණ දී තිබෙනවා. අනෙත් වාහන ඊට අඩු වශයෙන්."

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...