Sunday, 6 February 2022

කෙටි පණිවුඩයක් නිසා දේශපාලනඥයෙක්ට තනතුර අහිමි වෙයි


ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයෙක් ලෙස දක්වමින් කෙටි පණිවුඩයක් යොමු කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජොයිස් තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

  

සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත් ඔහු කියා සිටියේය.


ඔස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් වාර්තාකරන ආකාරයට නියෝජ්‍ය අගමැතිවරයා විසින් පසුගිය වසරේදී කාර්යමණ්ඩල සාමාජිකයෙකු වෙත මෙම  පණිවුඩය යොමු කර තිබේ.


අගමැතිවරයා කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයිද නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී පවසා තිබුණි.


කෙසේවෙතත් නියෝජ්‍ය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තමන් මෙතෙක් පිළිගෙන නොමැති බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...