Thursday, 3 February 2022


එළඹෙන ඉන්දීය සංචාරයෙන් අනතුරුව ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල් එංගලන්ත ප්රාන්ත කණ්ඩායමක් සමග එක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඩර්බිෂයර් ප්රාන්ත කණ්ඩායමට ක්රීඩා කිරීම සඳහා වසර දෙකක කොන්ත්රාත්තුවක් අත්සන් කළ බව එම ප්රාන්ත ක්රිකට් බලධාරීන් නිවේදනය කළේය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වසර 12ක් පමණ ක්රීඩාකළ ලක්මාල් එහිදී කඩුලු 285ක් ලබාගෙන ඇති අතර ඊට ටෙස්ට් කඩුලු 168ක්ද අයත්ය.
මේ මස අවසානයේදී ඉන්දියාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත තරගාවලියෙන් අනතුරුව ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගන්නා බව ඊයේ (02) නිවේදනය කළේය.
ඒ අනුව එළඹෙන වසර දෙකේදී ඔහු ඔහු ඩර්බිෂයර් ප්රාන්ත කණ්ඩායමේ ප්රධාන පන්දු යවන්නා ලෙස තරුණ ක්රීඩකයින්ට දැනුම ලබාදෙනු ඇති බව එම ක්රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
නමුත් ඒ සඳහා වීසා ලැබීම සහ එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.
ඩර්බිෂයර් ප්රාන්ත ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ප්රධාන පුහුණුකරු මිකී ආතර් කටයුතු කරයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...