Friday, 11 March 2022


 

නිත්යානූකූල බලපත්රයක් නොමැතිව ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකු ඊයේ(10දා) පස්වරුවේ විශේෂ කාර්ය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල සහ කතරගම යන ප්රදේශවල පදිංචි 38 සහ 42 හැවිරිදි දෙදනෙකු බව නිලධාරිහු කියති.
බලපත්රයක් නොමැතිව ග්රෑම් පනස් පහක් පමණ බරැති ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා කතරගම පොලිසිය පිටුපස මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගත් ගජමුතු වැඩිදුර විමර්ශන කටයුතු සදහා හම්බන්තොට වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයට භාර දුන් බව විශේෂ කාර්ය බලකාය කියයි.

අනීෂා මානගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...