Saturday, 19 March 2022





නව එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ කටයුතු අමාත්යංශයේදී පසුගිය 16 දින හමුවූවාය.
නව තානාපතිනිය ලෙස චන්ග් මහත්මිය පත්වීම පිළිබඳ විදේශ ලේකම් මහාචාර්ය කොළඹගේ මහතා සුබපැතුම් පළ කළ අතර ශ්රී ලංකාව සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට කැපවී සිටින බවත් ශ්රී ලංකාවට සිය සහයෝගය ලබාදෙන බවත් චන්ග් මහත්මිය එහිදී තහවුරු කළාය.
මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර පවත්නා ද්වීපාර්ශවික සහයෝගීතාවය පිළිබඳ සාකච්චා කළ අතර එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් මහත්මියගේ සංචාරය සහ ලබන සතියේ පැවැත්වීමට නියමිත ශ්රී ලංකා එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වෙනි සැසිවාරය කැඳවීම සඳහා අවශ්ය කටයුතු සුදානම් වෙමින් පවතින බවද ඔවූහු සඳහන් කළහ.


විමුක්ති එස්. රොද්රිගූ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...