Sunday, 13 March 2022

මෙම වසරේ පැවැති 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.


විභාග ප්‍රතිඵල ඊයේ (13) රාත්‍රී අන්තර්ජාලයට මුදාහැරීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.


ශිෂ්‍යත්ව විභාගය මෙම වසරේ ජනවාරි මස 22 වන දින පැවැති අතර ඊට විභාග අපේක්ෂකයින් 335, 158 දෙනෙකු පෙනී සිටියේය.


ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ www.results.exam.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.


විභාග අයදුම්කරුගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල නිරික්ෂණය කළ හැකි අතර විභාග ප්‍රතිඵල සටහන භාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට ද පහසුකම් සලසා තිබේ.


විභාග ප්‍රතිඵල ලේඛන සියලු පාසල්වලට ඉදිරියේ දී තැපෑල මඟින් එවීමට සැලසුම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.


කෙසේවෙතත් මේ වන විටත් සියලු විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යක්ෂවරුන්ට ප්‍රතිඵල භාගත කිරිමට සහ නිරීක්ෂණය කිරීම අවශ්‍ය පහසුකම් සලසා තිබේ.


එමෙන්ම කිසියම් සිසුවෙකුගේ ලකුණු නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මෙම මස 31 වන දිනට ප්‍රථම ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු වේ.


මේ අතර අවම ලකුණු සීමාව 152ක් වේ.


කෙසේවෙතත් දිස්ත්‍රික්ක අනුව එම ලකුණු මට්ටම වෙනස් වන අතර අවම ලකුණු මට්ටමක් මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින අතර එම ගණන 140කි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...