Thursday, 10 March 2022


අද උදෑසන විනිමය වෙළෙදපොළේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 260ත් 290ත් අතර මුදලකට අලෙවි වන බව තමන් වගකීමෙන් යුතුව ප්රකාශ කරන්නේ යැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය හර්ෂ ද සිල්වා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.

ඔහු මෙහිදී අනාවරණය කළේ තමන් සභාව අමතන මොහොතේදීත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙක හමාරක් රුපියල් 260 බැගින් හුවමාරු වූ බවය.
මේ තත්ත්වය තුළ මහ බැංකුව ඩොලරය රුපියල් 230ක අගයක රැඳවීම ගැන කියන්නේ කවර කතාවක්දැයි පාර්ලිමේන්තුවේදී ප්රශ්න කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මේ අතරේ මුදල් අමාත්යංශය විදෙස්ගත ශ්රමිකයන්ට රුපියල් 20ක් අතිරේකව ලබා දෙන බව ප්රකාශ කර ඇති බවත් මේ සියල්ල තුළ අපැහැදලිකම් පවතින බවත් පෙන්වා දුන් අතර මේ වනවිට රට බංකොළොත් වී ඇති බව අප අකැමැත්තෙන් වුවද තේරුම් ගත යුතු බව සඳහන් කළේය.
“ අපි බංකොලොත්ත් . කිරි පිටි නෑ. ගෑස් නෑ. පෙට්රල් ඩීසල් නෑ ලයිට් නෑ. මම ඊයේ පැය දෙක හමාරක් ඩීසල් පෝලිමේ හිටියා. “
“රට බංකොළොත්. ඒත් කොහොමද කටක් ඇරල කියන්නේ රට බංකොලොත් කියල. අපි විපක්ෂයේ හිටියත් අපටත් රට ගැන හැඟීමක් තිබෙනවා. අපට කියන්න පුළුවන්ද රට බංකොළොත් කියල.“
“මේ වනවිට ශ්රි ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ ගාණක්. මේ විදේශ වත්කම්වලට වඩා විදේශ වගකීම් ඩොලර් බිලියන 2.5ක් වැඩියි. එහෙමනම් නම් අපි කියන්නේ කොහොමද රට බංකොළොත් නෑ කියල. රට බංකොලොත් තමයි.“
“අඩුම ගානේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවටවත් මේකට උත්තර දෙන්න එන්න ඕන. අපි කල්තියාම මේ ගැන කිව්වා. දැන්වත් අපි ඒකතුවෙලා මේ ප්රශ්නවලට විසඳුම් හොයමු. මොකද මේක අපේ රට“
මන්ත්රීවරයා කීවේය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...