Monday, 21 March 2022


ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී වසර 90 කි. එම සංවත්සරය යෙදී තිබුණේ පසුගිය වසරේදීය. එම සංවත්සරය පසුගියදා තරුපහේ හෝටලයකදී නැටුම් ගැයුම් සමඟ සැමරුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රධානත්වයෙනි. අපට ඡන්ද හිමියන්ගේ දිනයක්ද ඇත. නමුත් ශරී ලංකාවේ කරියාත්මක තරු පහේ නියෝජිත රජාතන්තරවාදය ආරක්ෂා කිරීමට වගකිව යුතු, වගවිය යුතු දේශපාලන පක්ෂ සාමූහිකව ජනතා පරමාධිපත්ය කෙලෙසා ඇත. ඇත්ත වශයෙන්ම පරජාතන්තරවාදයක් නැත. සමස්ත මැතිවරණ කරමයම දේශපාලන පක්ෂ, දේශීය සහ විදේශීය ව්යාපාර පරජාව, විදේශීය බලවේග සහ සිවිල් සංවිධාන සමඟ මුහු වී ඇත. විශරාමික විගණකාධිපති ගාමිණී විජේසිංහ සර්ව ජන ඡන්ද බලය ශරී ලංකාවට ලැබීම සැමරීමට ඊට දින කීපයකට පසුව ශරී ලංකා පදනම් ආයතනයේදී පැවති හමුවකදී පාර්ලිමේන්තු කරමය අසාර්ථක බව අවධාරණය කළේය. දේශපාලන පක්ෂ ජනතාව නියෝජනය කරන්නේ නැත. වර්තමාන අර්බුදය පාර්ලිමේන්තු කරමයේ අසමත් බව නිසා නිර්මාණය වූ බව එතුමාගේ අදහසයි.

රී ලංකාව අකර්මණ්ය කර ඇති ව්යසනකාරී දේශපාලන, ආර්ථික සමාජීය අර්බුදයට වගකිව යුත්තේ මෙරටේ කරියාත්මක පාර්ලිමේන්තු කරමයද? රටේ සමස්ත දේශපාලන ව්යුහය දූෂිතද? පාර්ලිමේන්තු කරමය අසාර්ථක ද? වර්තමාන අර්බුදකාරී ආර්ථික තත්ත්වයෙන් ජනතාවට ගැළවීමක් නොමැතිද? හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ (2015-2019) මෑතකදී අවධාරණය කළේ නීතියේ ආධිපත්ය නැවත ස්ථාපිත කරන තුරු ශරී ලංකාවේ කරියාත්මක නියෝජිත පරජාතන්තරවාදය තුළ ජනතාවට යහපත් ආර්ථික, දේශපාලනික සහ සමාජීය තත්ත්වයන් කිසිසේත් ළඟා කර ගැනීමට නොහැකි බවයි.
රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය වසර 90 කට පෙර ලැබීම සැමරීමට ශරී ලංකා පදනම් ආයතනයේ දී පැෆරල් සහ මාර්තු 12 ව්යාපාරය සංවිධානය කර තිබූ උත්සවයකදී හිටපු විගණකාධිපතිතුමා ‘පාදඩ’ පක්ෂ දේශපාලන කරමයට සහ ඡන්දය දෙන ‘අමන’ ජනතාවට පහර ගැසීය. එතුමා පරකාශ කළේ රටේ සැබෑ තත්ත්වය පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වන බවයි. ඇත්ත වශයෙන්ම ශරී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීම හිටපු විගණකාධිපතිතුමා අභියෝගයට ලක් කළේය.
කෙටියෙන්ම කිවහොත් සමරන්නට දෙයක් නැත. දූෂණය, වංචාව, අකරමිකතා, මූල්ය පරිපාලනය විනාශ කිරීම සහ සියලූම දේශපාලන පක්ෂවල වගකීම් විරහිත න්යාය පතර නිසා ශරී ලංකාව හතර ගාතෙන් වැටී ඇත. වර්තමාන රජය සියල්ල විදේශීය සංචිත අර්බුදය, කොවිඞ් ව්යසනය සහ රුසියාව යුක්රේනය ආකරමණය කිරීම මත වරද පටවා ඇත.
නමුත් හිටපු විගණකාධිපතිවරයා ශරී ලංකා පදනම් ආයතනයේ කළ කරුණු දැක්වීම සහ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට සහ නව ව්යවස්ථාව සම්පාදනය කරන කණ්ඩායමට ඉදිරිපත් කර ඇති මැතිවරණ කරමය සහ ව්යවස්ථා යෝජනා නැවත නැවතත් අවධාරණය කරන්නේ වර්තමාන විනාශකාරී තත්ත්වයට සමස්ත දේශපාලන ව්යුහය වගකිව යුතු බවයි. මැතිවරණ කොමිසමේ යෝජනා නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පිළිගැන්වීමද පසුගියදා සිදුවිය.
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ගලධාරි හෝටලයේ පැවති උත්සවයේදී පාර්ලිමේන්තුව වහා කරියාත්මක කළ යුතු යෝජනා පැහැදිළි කළේය. අදාළ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති අධ්යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන ද එම අවස්ථාවට සහභාගි විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අවංක නම් මැතිවරණ කොමිසම කරියාත්මක කිරීමේ කිසිදු ගැටලූවක් තිබිය නොහැක.
විදේශීය ණය අර්බුදය නිසා සර්වජන ඡන්ද අයිතිය ලැබීමෙන් පසුව ඇතිවී තිබෙන ඉතාමත් අර්බුදකාරී තත්ත්වයට ක්ෂණික විසඳුම් නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය සතියේ ජාතියට කළ පරකාශයේ හරය එයයි. එලෙසෙම අර්බුදය පාලනය කිරීමට යම් සාධනීය කරියාමාර්ග තමන්ගේ රජය ගෙන ඇති නමුත් වර්තමාන අභියෝගය ශරී ලංකාව තුළ කළමනාකරණය කරගත හැකි තත්ත්වයක් නොවේ.
වර්තමාන අර්බුදයේ ස්වභාවය එමෙන්ම එහි දිග පළල රජයට හෝ විපක්ෂයට අදාළ නැත. දෙපාර්ශ්වයටම වර්තමාන අර්බුදය දේශපාලන කාරණාවක් පමණි. දශක ගණනාවක් තිස්සේ විනාශකාරී නව ලිබරල්වාදී ආර්ථික න්යාය පතරයක් කරියාත්මක ශරී ලංකාව බංකොළොත් වී ඇත. හිටපු විගණකාධිපතිවරයා පවසන්නේ කවුරු බලයේ සිටියත් අතිශය විනාශකාරී ආර්ථික න්යාය පතරය කරියාත්මක කරන්නේ විධායකය, ව්යවස්ථාදායකය සහ අධිකරණය බවයි.
රී ලංකාව ගොඩගැනීමට ගාමිණී විජේසිංහ යෝජනා අටක් ඉදිරිපත් කළේය. එතුමා කළ යෝජනා මැතිවරණ කොමිසම ඉදිරිපත් කර ඇති ව්යවස්ථා සහ මැතිවරණ සම්බන්ධ යෝජනා සමඟ ගළපා ගත හැකිය. නමුත් මෙම සියලූ යෝජනා කරියාත්මක කිරීමේ බලය ඇති වර්තමානයේදී පක්ෂ සහ කණ්ඩායම් 15 ක් නියෝජනය කරන පාර්ලිමේන්තුවට එම වගකීම ඉටු කිරීමේ සැබෑ වුවමනාවක් තිබේද ?
ඔඩු දුවමින් පවතින ආර්ථික අර්බුදය ශරී ලංකාව බිත්තියට හේත්තු කර ඇත. එවැනි තත්ත්වයක් තුළ නැවත ශරී ලංකාව නිවැරදි මගට ගැනීමේ වටපිටාව නිර්මාණය වී ඇත. ගාමිණී විජේසිංහ පවසන්නේ 2015 දී ව්යවස්ථාවට එකතු කළ 19 වැනි සංශෝධනය නිසියාකාරව කරියාත්මක නොකිරීම හේතුවෙන් අතිශය විනාශකාරී 20 වැනි සංශෝධනය ගෙන ඒමට පාර කැපූ බවයි. ජනතාවට යහපාලනය එපා කරවූයේ එජාප – ශරීලනිප නායකත්වය බවට හිටපු විගණකාධිපතිතුමා කරන චෝදනාව කෙතරම් බරපතළ ද? ශරීලනිප සහ අද දෙකඩවී සිටින එජාපය (පාර්ලිමේන්තුවේ නියෝජනය ආසන 1 යි) මෙන්ම එම පක්ෂයෙන් කැඞීගිය ආන්දෝලනාත්මක තත්ත්වයක් යටතේ මැතිවරණ කොමිසමේ පිළිගැනීම ලැබූ සමගි ජන බලවේගය (ආසන 54) ලැජ්ජා විය යුතු නොවේද?
හිටපු විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර පැෆරල් විධායක අධ්යක්ෂ මෙන්ම මාර්තු 12 ව්යාපාරයේ පරධානියකු වන රෝහණ හෙට්ටිආරච්චි මාර්තු 14 දින පැවති එම උත්සවයේදීම ශරී ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයට පාර්ලිමේන්තුව වගකිවයුතු ආකාරය අවධාරණය කළේය. හිටපු ඇමැතිවරියක් වූ ෆේරියල් අෂ්රොෆ් සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන අනුර පරියදර්ශන යාපා (සභාපති, පාර්ලිමේන්තු මුදල් කාරක සභාව) සහ මහාචාර්ය තිස්ස විතාරණ (සභාපති, පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව) එම අවස්ථාවට සහභාගි විය. සමස්ත පාර්ලිමේන්තු කරමය ජනතා හිතවාදී නොවන බවත්, කවුරු බලයේ සිටියත් ශරී ලංකාවේ කරියාත්මක නියෝජිත පරජාතන්තරවාදය විකෘතියක් බවත් හෙට්ටිආරච්චි අවධාරණය කළේය. නීති සම්පාදනය ජනතා යහපත සඳහා නොවන බවත්, හුදු දේශපාලන අවශතාවයන් ඉටු කිරීමට පාර්ලිමේන්තුව මෙවලමක් ලෙස යොදා ගන්නා බවට හෙට්ටිආරච්චි කළ චෝදනාවට පාර්ලිමේන්තුවට නිහඬව සිටිය නොහැක. නිශ්ශබ්දතාවය රැකීම පාර්ලිමේන්තුවට එල්ල වන චෝදනා යම් ආකාරයකට ස්ථිර වීමක් නොවේද ?
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජනතා නියෝජිතයන් 225 පෙනී සිටින්නේ කවුරු වෙනුවෙන්ද යන පරශ්නයට පැෆරල් විධායක අධ්යක්ෂවරයා දුන් පිළිතුර පාර්ලිමේන්තුවට අභියෝගයකි. දේශපාලන පක්ෂ සහ මන්තරීවරුන් කොටස් පහකට බෙදේ. ඔවුන් පෙනී සිටින්නේ එම කණ්ඩායම් පහේ අවශ්යතා වෙනුවෙන්ය. ඒ කණ්ඩායම් 5 මෙසේය. ව්යාපාරික පරජාව, අපරාධකාරයන්, මත්ද්රව්ය ජාවාරම්කරුවන්, ජාත්යන්තර සමාගම් සහ විදේශ බලවේග. රෝහණ හෙට්ටිආරච්චි කළ පරකාශය ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙකාට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කරන චෝදනා සමඟ සැසඳේ. මෙම පරකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වහාම අවධානය යොමු කළ යුතුය. ඇත්ත වශයෙන්ම මෙම චෝදනා පාර්ලිමේන්තු වරපරසාද සම්බන්ධයෙන් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇති කරයි.
අත්යවශ්ය ද්රව්ය සහ සේවා නොමැතිකමින් ජන ජීවිතය බරපතළ ලෙස කඩා වැටී ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව රටේ කරියාත්මක ඉහළම ආයතනය ලෙස හැසිරෙන වගකීම් විරහිත ආකාරය සම්බන්ධයෙන් රෝහණ හෙට්ටිආරච්චි තම විරෝධය පළ කළේය. ජනතාවගේ අවශ්යතා නොදකින, ඊට සංවේදී නොවන පාර්ලිමේන්තුවක් මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයි යන පරශ්නය ඔහු සභාවට ඉදිරිපත් කළේය. අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු කරමය පරබල ලෙස හෑල්ලූවට ලක් කළේය.
රාජ්ය විගණනයට මග ඇහිරූ විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගාමිණී විජේසිංහ ඉදිරිපත් කළ අදහස අන්දොලනාත්මකය. විගණනයට එරෙහි වන්නේ කම්බ හොරු. හිටපු විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවිය යුතුද? ඔහු පාර්ලිමේන්තු මන්තරීවරුන්ගේ වරපරසාද කඩ කර තිබේද? එවැනි පරකාශයක් පාර්ලිමේන්තුවට ඇති (හිමිවිය යුතු) මහජන ගෞරවය කෙලෙසීමට හේතුවේද ? යහපාලන සමයේ විගණකාධිපති ලෙස එතුමා එවකට ආසියාවේම හොඳම මුදල් ඇමැති ලෙස හැඳින්වූ රවි කරුණානායක සහ සමස්ත එජාප ආණ්ඩුව සමගම ගැටුණේය. ඔහු අඩියක් පස්සට ගත්තේ නැත. ඒ ගෞරවය ඔහුට හිමිවිය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවට, අවශ්යනම් හිටපු විගණකාධිපතිවරයා කැඳවිය හැක. කරුණු විමසිය හැක. ඔහුගේ යෝජනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ හැකිය.
රී ලංකා පදනම් ආයතනයේදී එදා ගාමිණී විජේසිංහ ‘සැරට’ ඉදිරිපත් කළ යෝජනා අට ඉතාමත්ම වැදගත්ය: (1) විධායකය, ව්යවස්ථාදායකය සහ අධිකරණය නීතියට යටත් කිරීම (2) සියලූම තලවල මහජන නියෝජිතයන්ගේ අවශ්යතාවයට කරියාත්මක වරපරසාද සහ නීති රීති අහෝසි කිරීම (3) සියලූම දේශපාලන පක්ෂ විගණනයට යටත් කිරීම (4) මූල්ය විනය ස්ථාපිත කිරීම (5) දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීමට අවශ්ය නීති සම්පාදනය (6) දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම (7) සෙස් බදු කරමය යටතේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම සහ (😎 පාර්ලිමේන්තුවේ මුඛ්ය වගකීමක් වන නව නීති, සංශෝධන ගෙන ඒම සහ අදාළ නීති යාවත්කාලීන කිරීම.
රී ලංකාව උඩු යටිකුරු කර ඇති ආර්ථික අර්බුදයට ඇත්ත වශයෙන්ම අවශ්ය දේශපාලන විසඳුමකි. නමුත් ආණ්ඩු පෙරළීම, ජාතික ආණ්ඩු ගොඩනැඟීම, ඔලූ ගෙඩි මාරුවෙන් පාර්ලිමේන්තුවේ බලය වෙනස් කිරීම තුළින් හෝ කැබිනට් සංශෝධන මගින් අර්බුදය කිසිසේත් විසඳිය නොහැක. පාර්ලිමේන්තු කරමයේ වෙනසක් අවශ්යමය. බොරු වටිනාකම් ඉස්මතු කිරීමෙන් සහ මාධ්ය මෙහෙයුම් මගින් රටට වන යහපතක් නැත.
ගාමිණී විජේසිංහ ඉදිරිපත් කළ වටිනා අදහස් ඉදිරිපත් කිරීමට නිසි මාධ්ය ආවරණයක් නොලැබීම අවාසනාවන්ත තත්ත්වයකි. එතුමා ඉදිරිපත් කළ යෝජනා අට සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමේදී ශරී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අර්බුදයට හේතුවන කරුණු කාරණා කීපයක් සඳහන් කළේය. මැති ඇමැතිවරුන් මෙන්ම අධිකරණයේදී අවධානය යොමු වූ අමාත්ය මණ්ඩලයේ ‘සාමූහික’ වගකීම සම්බන්ධයෙන් ගාමිණී විජේසිංහ ආන්දෝලනාත්මක අදහසක් ඉදිරිපත් කළේය. එතුමා පැවසුවේ සියලූම ආණ්ඩු මහත් උජාරුවෙන් අවධාරණය කරන කැබිනට් මණ්ඩලයේ ‘සාමුහික’ වගකීම නොහික්මුණු ආකාරයට අවභාවිතා කරන බවයි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්තරීවරු මෙන්ම යම් පක්ෂයකට මහ මැතිවරණයකදී ලැබුණු සමස්ත ඡන්ද ගණන පදනම් කර ගෙන ලබා දෙන ජාතික ලැයිස්තුවෙන් ඇමැතිකම් ලබාගන්නා පුද්ගලයන්ද වගකිව යුතු වන්නේ ජනතාවට බව ගාමිණී විජේසිංහ අවධාරණය කළේය. එම පරකාශය සියලූම දේශපාලන පක්ෂවලට මහත් අභියෝගයකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ නායකත්වයෙන් රැස්වෙන පක්ෂ නායකයන්ට විශාල වගකීමක් තිබේ.
ජනතාව රවට්ටමින් කටයුතු කිරීමට ඔවුන්ට අයිතියක් නැත. සියලූම පක්ෂ කරියාත්මක කළේ රැවටිලිකාර වංචාකාරී දේශපාලනයක් බවට අමුතුවෙන් කිව යුතු නැත. ‘සෞභාග්යයේ දැක්ම’ ඉදිරිපත් කළ වර්තමාන ආණ්ඩුව තරම් ජනතාව පීඩාවට පත් කළ රජයක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ‘ඒකාධිපති’ ව්යවස්ථාව 1978 හඳුන්වා දීමෙන් පසුව නොවූ බව 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 මහමැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දුන් පුද්ගලයකු ලෙස ලියුම්කරුට සැකයක් නැත. ‘සෞභාගයේ දැක්ම’ වැරදි පාරක ගිය බව පැහැදිළිය. පොහොට්ටුව නියෝජනය කළ ශරීලනිපය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු කණ්ඩායමක් මාර්තු 2 දින විකල්ප මාර්ගයක් පරකාශයට පත් කිරීම සහ එම කණ්ඩායමේ ඇමැතිධුර දැරූ විමල් වීරවංශ සහ නීතිඥ උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයෙන් දොට්ට දැමීම වර්තමාන අර්බුදය තරව් කර ඇත.
හිටපු විගණකාධිපතිතුමා පෙන්වා දෙන්නේ මැති සබය දූෂිත දේශපාලන පක්ෂවල තිප්පළක් බවයි. පාර්ලිමේන්තුව තම වගකීම ඉටු නොකරන බවත්, නව නීති රීති ගෙන එම, නීති යාවත්කාලීන කිරීම සහ මූල්ය විනය පවත්වාගැනීම යන ව්යවස්ථානුකූල වගකීම කිසිදු හිරිකිතයකින් තොරව පැහැරහැර ඇති බවට කරන චෝදනාව ශරී ලංකාවට අපකීර්තියකි. ‘එක රටක්, එක නීතියක්’ යන සංකල්පය භූමියේ යථාර්ථයක් ද ? කිසිසේත් නැත. පාර්ලිමේන්තුව, යම්කිසි දේශපාලන පක්ෂයක්, හිටපු හෝ වර්තමාන මැති ඇමැතිවරයෙක් හෝ ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටින සිවිල් සංවිධානයක් ගාමිණී විජේසිංහට අභියෝග කරාවිද?
සර්ව ජන ඡන්ද බලය ‘ඞීල්’ කාරයන් පැහැර ගෙන ඇත. ඡන්ද හිමියන්ගේ දිනය විහිළුවකි. පරජාතන්තරවාදය වචනයට සීමාවී ඇති තත්ත්වයක් තුළ ඡන්ද හිමියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කර පලක් නැත. සමස්ත දේශපාලන ව්යුහය ව්යාපාරයක් බවට පත්වී ඇත. සර්ව ජන ඡන්ද බලය කවුරුන් වෙනුවෙන්ද කියා පරශ්න කරන තරමටම ජනතාවට දේශපාලනය එපා වී ඇත. පෙටරල්, ඞීසල්, ගෑස් සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය මිලදී ගැනීමට පෝළිම්වල සිටින ජනතාව පරකෝපකාරී ලෙස හැසිරෙන දිනය වැඩි ඈතක නොවේ. ආහාර සුරක්ෂිතභාවය නොමැති රටක ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන්නේ නැත. වර්තමාන ආණ්ඩුව එම තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගෙන නැත. පෙටරල් ලීටරයක් ඉල්ලන එකාට අධිවේග මාර්ග තියෙනවා යැයි ආණ්ඩුව පවසන්නේ ඒ නිසාය.


ශමින්ද්ර ෆර්ඩිනැන්ඩෝ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...