Monday, 21 March 2022


මෙම රෝගය බහුලව දකින්නට ලැබෙන්නේ තරබාරු බවින් පෙළෙන මැදිවියේ පිරිමි පුද්ගලයන් අතරය. එසේම නින්දේදී ගොරවන පුද්ගලයන් අතර ද මෙය මතු වී තිබිය හැකිය. මෙම රෝගයට බලපාන්නේ උගුරේ මේදය තැන්පත් වී උගුර පටු වීමය. එවිට ඔවුනට හුස්ම ගැනීමේ අපහසුතා මතු වේ. එම තත්ත්වය රාතිර කාලයේදී දැඩිව මතු වන්නේ රාතිරයේදී උගුරේ මාංශ පේශී සැහැල්ලූ වී සාමාන්ය අවස්ථාවකටත් වඩා උගුර පෙදෙස පටුවී ම නිසාය

නින්ද අපගේ සිරුරේ විවේකය සඳහා අත්යවශ්ය දෙයකි. රාතිරයට නින්දට ගියවිට පැය හය හතක් සුවසේ නිදාගත හැකි වුවහොත් පසු දිනයේදී පරබෝධමත්ව කටයුතු කළ හැකිය.
නමුත් එම සුව බරනින්ද ලබාගැනීමට බාධා කරන රෝගාබාධ රැුසක් පවතී. එවිට කෙතරම් සුව පහසු ඇඳක නිදා ගැනීමට උත්සාහ ගත්ත ද කිසි ලෙස නින්ද ඇති නොවේ. පවතින රෝගාබාධ නිසා වරින්වර අවදිව නින්දට බාධා මතු වේ. මෙලෙස නින්දට බාධා මතු වන රෝගාබාධ අතර නින්දේදී වරින්වර හුස්ම ගැනීම නතර වීම නමැති රෝගය ද (obestructive Sleep apnea) වර්තමානයේ සුලබ වන්නට පටන් ගෙන ඇත. මේ වනවිට මෙම රෝගයෙන් පෙළෙන ශීර ලාංකිකයන් පිරිස සියයට 16ක් පමණ වේ.
නින්දේදී වරින්වර හුස්ම ගැනීම නතර වීම
මෙම රෝගය බහුලව දකින්නට ලැබෙන්නේ තරබාරු බවින් පෙළෙන මැදිවියේ පිරිමි පුද්ගලයන් අතරය. එසේම නින්දේදී ගොරවන පුද්ගලයන් අතර ද මෙය මතු වී තිබිය හැකිය. මෙම රෝගයට බලපාන්නේ උගුරේ මේදය තැන්පත් වී උගුර පටු වීමය. එවිට ඔවුනට හුස්ම ගැනීමේ අපහසුතා මතු වේ. එම තත්ත්වය රාතිර කාලයේදී දැඩිව මතු වන්නේ රාතිරයේදී උගුරේ මාංශ පේශී සැහැල්ලූ වී සාමාන්ය අවස්ථාවකටත් වඩා උගුර පෙදෙස පටුවී ම නිසාය.
ඒ නිසා මෙවැනි
රෝගීන් නින්දට ගියවිට හුස්ම ගැනීමේ අපහසුතා මතුවීම නිසා නිතර නිතර අවදි වේ. එසේම නින්දට ගියවිට ගෙරවීම ද මතු වේ. සාමාන්ය පුද්ගලයකුගේ
හුස්ම ගැනීම නතර වීම පැයකට වාර 05ක් පමණ සිදු වේ. නමුත් මෙවැනි රෝගීන්ගේ විනාඩියකට වාර සියය ද ඉක්මන අවස්ථා මතු වේ.
මෙලෙස හුස්ම ගැනීමේ අපහසුතා මතුවීම නිසා සිරුරට ලැබෙන ඔක්සිජන් පරමාණය අඩු වේ. එබැවින් මෙවැනි පුද්ගලයන් නින්දට ගියවිට රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්පන්දනය ඉහළ යයි. මෙය දිගු කාලයක් පැවතීම නිසා අධි රුධිර පීඩන රෝගයට සහ දියවැඩියා රෝගයට ගොදුරු වීම ඉතා පහසුවෙන් සිදු වේ. එසේම මෙම රෝගයකට ගොදුරු වීමේ පරතිඵලයක් ලෙස ලිංගික දුබලතාවයනට ද ලක් වේ.
මෙලෙස ශාරීරික දුබලතාවකට ලක්වීම පමණක් නොවන ඔවුන්ගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීමට ද බාධා මතු වේ. නිසි ලෙස නින්දක් නොමැතිකමින් දහවල් කාලයේදී නිතර නිදිමත පවතී. ඒ නිසා මෙවැනි පුද්ගලයන් වාහන පදවනවිට රිය අනතුරුවලට ලක්වීමේ ඇති අවදානම වැඩි වේ. විශේෂයෙන් අධිවේගී මාර්ගවල රථවාහන පදවන විට ඉතා ඉක්මනින් ඔවුනට නින්ද යා හැකිය.
රතිකාර ලබා ගැනීම
නින්දේදී හුස්ම ගැනීම වරින්වර නතර වීම සඳහා මතුව ඇති පරධාන හේතුව වන උගුරේ මේදය තැන්පත් වීම සැත්කමක් මගින් ඉවත් කළ හැකිය. එසේ ඉවත් කළ යුතු මට්ටමේ නොමැති පුද්ගලයන්ට නින්දේදී හුස්ම ගැනීම පහසු කරන උපකරණයක් (CPAP) භාවිතයට ගතහැකිය. මෙම යන්තරය මගින් සිදු කරන්නේ තමා නිදා සිටින පරිසරයේ ඇති වාතය පිරිසිදු කර පෙණහලූ වෙත ගමන් කිරීම පහසු කරවීමය. ඊට අමතරව නිසි වෛද්ය උපදෙස් මත සිරුරේ පවතින තරබාරුව අඩු කරගත යුතුය. දිනපතා ව්යායාමවල යෙදීම, මත්පැන්, දුම්වැටි පානය අත්හැරීම ආදිය සිදු කළ යුතුය. මෙලෙස නිසි වෛද්ය පරතිකාර සඳහා යොමු නොවුණහොත් නින්දේදීම මිය යෑම හෝ අංශභාගය
වැනි රෝගවලට ගොදුරු විය හැකිය. ඒ නිසා නින්දේදී ගොරවනවා නම් තමාටත් වරින්වර නින්දේදී හුස්ම ගැනීම නතර වන රෝගය මතුව ඇතිදැයි කියා නිසි වෛද්ය පරීක්ෂාවකින් තහවුරු කර ගැනීම වැදගත්ය.

ශ්වසන රෝග විශේෂඥ වෛද්ය චන්දිමානි උදුගොඩගේ
සංස්කරණය – උපාලි ද සේරම්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...