පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ජාතික සභාවේ බහුතරය අහිමි වී ඇති බව වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ, ඔහුගේ Tehreek-e-Insaf පක්ෂයට සහාය දුන් Muttahida Qaumi Movement Pakistan කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමග එකතුව කටයුතු කිරීමය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉම්රාන් ඛාන් ට එරෙහිව එම පක්ෂ එකතුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවය.
එම විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අප්‍රේල් 3 වනදා පැවැත්වීමට නියමිතය.
අද සිදුවී ඇති වෙනසත් සමගම පාකිස්තානයේ ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට පාර්ලිමේන්තුවේ ආසන 177ක් හිමිව තිබේ.
නමුත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ඉතිරිව ඇත්තේ ආසන 164ක් පමණි.
පාකිස්තාන ජාතික සභාවේ ආසන 342ක් ඇති අතර, එහි බහුතරය ලබාගැනීම සඳහා ආසන 172ක් හිමිව තිබිය යුතුය.
No comments:
Post a Comment