Wednesday, 16 March 2022


යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.

යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය පක්ෂව ලැබුණු අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙසේ යෝජනාවක් ගෙන ඒමට හේතු වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය පැවසූහ.
මේ පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන විදේශ අමාත්ය දිමිත්රෝ කුලේබා පැවසුවේ මෙම ක්රියාමාර්ගය 2014 වසරේදී ගැනීමට තිබූ එකක් බවත් දැන් හෝ එම තීරණය ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවත්ය.
අඟහරුවාදා දින රුසියානු විදේශ අමාත්ය සර්ගෙයි ලැව්රොව් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන බවයි මෙම නිවේදනය යුරෝපා කවුන්සිලය ද තහවුරු කළහ.
1949 යුරෝපා කවුන්සිලය පිහිටුවීමෙන් පසුව රටක් යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන දෙවැනි අවස්ථාව මෙය වන අතර 1969 ග්රීසිය තාවකාලිකව ඉවත් වූහ.
මේ සම්බන්ධව ප්රකාශයක් කරමින් විදේශ අමාත්යංශ ප්රකාශිකා මරියා සකරෝවා පැවසුවේ යුරෝපා කවුන්සිලය නේටෝ සංවිධානයේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන සංවිධානයක් වී අවසන් බවයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...