Thursday, 17 March 2022


රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුදය වහාම නතර කළ යුතු බව ජාත්යන්තර අධිකරණය ඊයේ නියෝග කළේය.

රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව පරකාශයට පත් කරමින් ජාත්යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.
විනිසුරුවරු 13 දෙනක් මෙම තීරණයට එකඟ වූ අතර එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර අධිකරණයේ උප සභාපති රුසියානු ජාතික කිරිල් ජිවෝර්ජියන් සහ චීන ජාතික විනිසුරුවරියක් වූ සූ හැනකින් මෙම තීරණයට විරුද්ධ වූහ.පෙබරවාරි 27 වෙනි දින යුක්රේනය විසින් ගොනු කරන ලද නඩුවට අදාලව ජාත්යන්තර අධිකරණය විසින් මෙම තීන්දුව (16* ශරී ලංකා වේලාවෙන් රාතරී 8.30 පමණ නෙදර්ලන්තයේ හේග් නුවර දී පරකාශයට පත් කළහ.
ජාත්යන්තර අධිකරණයේ තීන්දු පිළිපැදීමට රුසියාව බැඳී සිටියත්,මෙම අවස්ථාවේදී රුසියාව නඩු තීන්දුවට අවනත වේ දැයි තීන්දුව පරකාශයට පත් කළ අවස්ථාවේ මාධ්යවේදීහු පරශ්න කළහ.එසේම ජාත්යන්තර අධිකරණයට නියෝගය කරියාත්මක කිරීමට රුසියාවට බල කළ හැකි කරමයක් නොමැති බවද ඔවූහු පෙන්වා දුන්හ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...