ඖෂධ වර්ග 60ක මිල සංශෝධනය කරමින් අතිවීශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් පත්‍රය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
ඒ අනුව, යම් උපලේඛනගත ඖෂධයක් විකුණනු ලබන නිෂ්පාදකයෙකුට හෝ ආනයනකරුවෙකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට අවසර ලැබේ.
ඒ යටතේ, පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4යි ශත 16ක් වනු ඇති අතර ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83යි ශත 71ක් වනු ඇත.
No comments:
Post a Comment