Friday, 1 April 2022


නුවරඑළිය කාල්ටන් පෙරපාසලේ පැවැත්වීමට සැලසුම් කර ඇති අවුරුදු උත්සවය නැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ නුවරඑළිය බස් නැවතුම්පලේ සිට ගමන් ආරම්භ කරන කෙටි දුර සහ දිගු දුර ධාවනය වන බස් රථ සේවකයන් විසින් ආරම්භ කෙරුණු වැඩ වර්ජනය සහ උද්ඝෝෂනය හේතුවෙනි.
උද්ගෝෂණකරුවන් මෙන්ම ප්රදේශවාසීන් විසින් නුවරඑළිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසල වෙත පැමිණ එම පාසල ඉදිරිපට කළු කොඩි අතතැිව උද්ඝෝෂණයේ නිරතව ඇති අතර ඔවුන් විසින් පෙර පාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවය නතර කරන ලෙසද දන්වා තිබේ. ඒ අනුව සංවිධායකයන් විසින් එම උත්සවය නතරකිරීමට පියවර ගත් බව නුවරඑළිය පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම කාල්ටන් අවුරුදු උත්සවය මෙන්ම නුවරඑළිය නගරයේ පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානය ද නවත්වන මෙන් දන්වමින් එම උද්ඝෝෂණකරුවන් නුවරඑළිය කාල්ටන් පෙරපාසලටත් ග්රෙගරි වැව පරිශ්රයටත් පැමිණ ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකය ගෙන්වා ඇති අතර කාල්ටන් පෙරපාසල සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටත් පොලීසිය විසින් කටයුතු යොදා ඇත.


හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...