ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහා විවෘත කරන ලෙසට ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් දුන් බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේෂ්කර මහතා පවසයි.
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසට ද උපදෙස් දුන් බව අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව ය.
අද (අප්‍රේල් 30) සවස 4.00ට බෙදා හැරීම සඳහා භාවිත කරන ලද මුළු බවුසර් ගණන 381ක් බව ඔහු සඳහන් කර තිබේ.
අමාත්‍යවරයා සිය විවිටර් පණිවිඩයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ සුපර් ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තොග වශයෙන් පවතින බව ය.
කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් සැපයීම සීමා කර ඇති බව ඔහු වැඩිදුරට ත් එහි සඳහන් කර ඇත.
No comments:
Post a Comment