Friday, 8 April 2022

නව මහ බැංකු අධිපති සඳහන් කළ විශේෂ කරුණු...!

👉කිසිදු දේශපාලන බලපෑමකින් තොරව මට තීරණ ගන්න ඕනි.
👉ආණ්ඩුවේ, විපක්ෂයේ හා ජනතාවගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා.
👉කඩා වැටෙන ආර්ථිකය ගොඩ ගැනීම එක පාරටම කරන්න බෑ, ටික කාලයක් මේ විදිහටම යන්න වෙනවා.
👉සති දෙකක් තුළ ජාත්යන්තර වෙළෙඳ පොළට හොඳ පණිවිඩයක් දෙනවා, අපි මේකෙන් ගොඩ එනවා කියල.
👉ණය ප්රතිව්යුහගත කිරීම හා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම මෙතැන් සිට අරඹනවා.
👉කල් දැමීම, වගකීම භාර නොගැනීම තවදුරටත් මේ රටේ හරියන දෙයක් නෙවෙයි කියල දැන් හැමෝටම තේරෙනවා.
👉මම මේ වගකීම භාරගන්න එකම හේතුව මිනිස්සු දුක් විඳින එක, කිසිම දේශපාලන පක්ෂයක් නිසා ගන්න තීරණයක් නෙවෙයි මේක.
👉ආර්ථිකය වර්ධනය කරන්න කළින් කඩා වැටීම නවත්වන එකයි මම කරන්නේ.
👉ඉක්මනින් ගොඩ එන්න නම්, දේශපාලන ස්ථාවරත්වය හා සමාජ ස්ථාවරත්වය අවශ්යයි.
👉11 වෙනිදා මූල්ය අරමුදල සමඟ අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පවත්වනවා.
👉තවමත් මුදල් ඇමති අලි සබ්රි, ජනපති ඉල්ලා අස්වීම භාර ගත්තේ නෑ.
👉ඕනෑම මහබැංකුවක් මුදල් මුද්රණය කළ යුතුයි, නමුත් මුද්රණය කරන ප්රමාණය වැඩිනම් ප්රශ්නයක්.
👉අනවශ්ය ලෙස බදු අඩු කරලා අර්බුදය උත්සන්න කරගෙන.
👉පොලී අනුපාතය වැඩි කිරීම අපි ගන්නා ප්රධාන පියවරක්.
👉උද්ධමනය හෙට අඩුවෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා, ඊළඟ මාස තුනේ උද්ධමනය දැනටමත් තීරණය වෙලා ඉවරයි.
👉ඉදිරි මාසය හෝ දෙක තුළ උද්ධමනය 25% ඉක්මවිය හැකියි.
👉දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ අවශ්යතාවයක් නෑ.
👉ගැසට් ගැහීමෙන්, නීති දැමීමෙන් විදේශ විනිමය ගේන්න බෑ.
👉පුළුවන් තරම් බැංකු ක්රමය තුළින් මුදල් එවන ලෙස විදේශගත ලාංකිකයන්ගෙන් ඉල්ලනවා.
👉ජනතාව දේශපාලකයන්ටයි බලපෑම් කරන්න ඕනි මේක විසඳන්න උදව් කරන්න කියල.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...