රඹුක්කන විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය.
අදාළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලැබූ අතර පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.
ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, අදාළ තුවාල වෙඩි වැදිම් හේතුවෙන් ඇති වූ ඒවා බව ය.
අදාළ විරෝධතාව අතරතුර දී ත්‍රිරෝද රථයක් ගිනි ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි පොලිසියට නියෝග කර ඇත.
තව ද එම විරෝධතාවේදි තුවාල ලැබූ පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට පොලිසිය තවම ත් අපොහොසත් වී ඇති බැවින් එම ලැයිස්තුව ලබා දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරට ත් නියෝග කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් වන අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.
අප්‍රේල් 19 වන දා රඹුක්කන ප්‍රදේශයේදි ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුසහගත තත්වයක් හේතුවෙන් අදාළ විරෝධතාව ඇති වී තිබිණි.
No comments:
Post a Comment