Wednesday, 27 April 2022

ගිනි පෙට්ටිය ගිනි ගණන් ද? !


ගිනි පෙටිටියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍යවල අදහස් පළවෙමින් පවතියි.

මෙරට ප්‍රධාන පෙළේ ගිනි පෙට්ටි නිෂ්පාදන සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ප්‍රචාරය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ය.

එවැනි විශාල අගයකින් ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමට තම සමාගම පියවර ගෙන නොමැති බව ද ඔහු පැවසිය.

කෙසේ වෙතත්, පවතින අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මත සුළු අගයකින් ගිනි පෙට්ටියක මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව ත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තිරණයක් ගෙන නොමැති බව ත් ඔහු වැඩිදුරට ත් පැවසීය.

මේ වන විට ගිනි පෙට්ටියක් වෙළෙඳපොළේ අලෙව් වන්නේ රුපියල් 9කට ය.

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...