Friday, 8 April 2022


ගුවන්තොටුපළ තුළ ආරක්ෂක කැමරා පද්ධති (CCTV) වෙනස් කිරිම, ක්‍රියා විරහිත කිරීම හෝ කිසිදු ආරක්ෂක ක්‍රියාපටිපාටියක් පුද්ගල අවශ්‍යතා මත ලිහිල් කර නොමැති බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) පී.ඒ. චන්ද්‍රසිරි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ගුවන්තොටුපළ භාවිත කරන ඕනෑ ම සාමාන්‍ය මගියෙකුගේ සිට ප්‍රභූන් දක්වා තම ගමන් අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය වන සේ පහසුකම් සැලසීමට තම සමාගම කටයුතු කර ඇතැයි ද සභාපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය පැය 48ක කාලපරිච්ඡේදය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇතැම් මගීන් සහ ප්‍රභූවරුන්ගේ පිටත් වීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව මහ ජනතාව නොමග යවන අයුරින් විවිධ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාලාවල පළ වී ඇති බව ද එම නිවේදනයේ පෙන්වා දී ඇත.

එම සාවද්‍ය ප්‍රකාශ, චෝදනා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම් වශයෙන් ප්‍රතික්ෂේප කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ අභිමානය සහ ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා නිරතුරුව ඇපකැප වන බව ද සභාපතිවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.


අනුරාධා හේරත්, නිර්මාණ ගුණරත්න


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...