ඒ, ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩ ගැනීම සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදි කළ යෝජනාවක් සම්බන්ධයෙන් නව මහ බැංකු අධිපතිවරයා ක්‍රියා කර ඇති ආකාරය සැලකිල්ලට ගනිමිනි.
හර්ෂ ද සිල්වා මහතා අද යෝජනා කර තිබුණේ, ඉතුරුම් තැන්පතු පොළිය ඉහළ දමන ලෙස ය.
එම යෝජනාව නව මහ බැංකු අධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සතුට පළ කර තිබේ.
සිය නිල ෆේස්බුක් ගිණුමෙහි ආචාර්ය හර්ශ ද සිල්වා මහතා තැබූ සම්පූර්ණ සටහන පහත දැක්වේ.
"වහාම පොළිය වැඩි කරන්නැයි මා කියා පැය කිහිපයයි ගියේ මහ බැංකුව පොලිය වැඩිකළා.
රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිකිරීම යැයි මා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මා මෙසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මෙම අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදෛයි තාක්ෂණිකව අදහස් දක්වමින්.
මා කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අළුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය13.5% ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5% ක් දක්වාත් වැඩිකර තිබෙනවා.
මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක් වීම සුබ ලකුණක් යැයි මා සඳහන් කරන්නට කැමතියි. මිට පෙර සිටි අධිපතිවරයාට අපි කොතෙක් දෑ කිවිවද එය බිරි අලින්ට වීණා වාදනය කිරීමක් | වුණා."
No comments:
Post a Comment