හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි ඉකුත් පාලන සමයේදී නගා තිබූ චෝදනාව යටතේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කොට තිබූ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා අද (ඔක්.13) අභියාචාධිකරණයට දන්වා සිටියේ ය.
එකී චෝදනා තහවුරු කිරීම සඳහා හිටපු
නාවික හමුදාපතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී
නොමැති බැවින් මෙලෙස එකී අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කළ
බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය
හමුවේ ප්‍රකාශ කරමින් එලෙස එම චෝදනා පත්‍රය ඉවත් කර ගන්නා බව කියා සිටියා ය.
විනිසුරු සෝහිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොළ යන පුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එලෙස ප්‍රකාශ කරන ලද්දේ, අභියාචනාධිකරණය හමුවේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය.
2008-2009 කාල වකවානුව තුළ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි 2015දි ආරම්භ කරන ලද විමර්ශනයක් උපයෝගි කර ගනිමින් හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මහතා සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින් 13 දෙනෙකුට ද එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබිය.
රාජකාරී කරමින් සිටින අතරතුර මේ රටින් පිටව ගොස් මේ වන විට දේශපාලන සරණාගතයෙකු ලෙස ස්විටිසර්ලන්තයේ වාසය කරන එවකට මෙකී විමර්ශනය මෙහෙයවූ නිශාන්ත ද සිල්වා නම් පොලිස් නිලධාරිවරයා විසින් දේශපාලන හේතු මත එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ (වත්මන් ජනාධිපති) ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, තමා ඇතුළු බුද්ධි අංශ නිලධාරින්ටත් එරෙහිව ආරෝපිත චෝදනා යටතේ ව්‍යාජ විමර්ශනයක් පවත්වා දණ්ඩ නීතී සංග්‍රහයේ දැවෙන අපරාධ චෝදනා 667ක් යටතේ මෙකි නඩු කටයුත්ත ආරම්භ කොට පවත්වාගෙන ගිය බව කරන්නාගොඩ මහතා සිය පෙත්සමෙන් අභියාචනාධිකරණයට හෙළි කරමින් එම නඩු කටයුත්ත පවත්වා ගෙන යාම අත්හිටුවීමේ තහනම් නියෝගයක් ලබා ගෙන තිබිණි.
ඒ අනුව, 2020 ජනවාරි 24 වන දා කරන්නාගොඩ මහතා සහ බුද්ධි නිලධාරින් 13 දෙනාට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවත්වාගෙන යාමට නියමිතව තිබූ නඩු විභාගය අභියාචනාධිකරණය 'රිට්' පෙත්සම් විභාග කොට තීන්දුව ප්‍රකාශ කරන තෙක් අත්හිටුවීමට අතුරු ආඥාවක් අභියාචනාධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.
කමල් මහේන්ද්‍ර වීරරත්න.
No comments:
Post a Comment