Wednesday, 13 October 2021

Swarnamahal Financial Services PLC ආයතනයේ ව්‍යාපාර කටයුතු මාස 6ක සීමිත කාල සීමාවක් සඳහා නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුව නියෝගයක් නිකුත් කර තිබේ.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්ස් ආයතනය, බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප්‍රකාරව, අද (ඔක් .13) දින සිට බල පැවැත්වෙන පරිදි මෙම අවසරය ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑස්සී ආයතනයේ කටයුතු තවදුරටත් කළමනාකරණය කිරීමට සහ ඉහත සඳහන් ක්‍රියාවලියට අදාළ කටයුතු ආරම්භ කිරීමට සහ පහසුකම් සැලසීමට මුදල් මණ්ඩලය මගින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලය වෙත බලය පවරා ඇති බව ය.

එමෙන් ම, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්ස් ආයතනයේ අධ්‍යක්ෂක වරුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා සහ/හෝ කළමනාකරණ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කාර්යයන් පමණක් ඉටු කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

තව ද ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්ස් ආයතනය බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීම හා සම්බන්ධ කටයුතු හැර කිසිදු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට එම ආයතනය වෙත අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත.

එබැවින්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්ස් ආයතනය සමග පවත්නා ගිවිසුම්ගත බැඳීම් වලට අදාළ පියවිම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමග වෙනත් කිසිදු ආකාරයකින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් සිය නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සි ආයතනයෙන් ණය ලබාගත් පාර්ශව හෝ ආයතනය වෙත ගෙවීම් සිදු කිරීමට ඇති අනෙකුත් පාර්ශව සිය ගිවිසුම්ගත බැඳීම්වලට අදාළ පියවිම් එම ආයතනය නමින් පවතින පහත සඳහන් බැංකු ගිණුම් හරහා පමණක් සිදු කළ බවත් එම සියලු ගෙවීම් සම්බන්ධව වාර්තා පවත්වා ගැනීම තුළින්, ගෙවීම් නිසි පරිදි සිදු නොකිරීම නිසා ඇති විය හැකි නීතිමය ක්‍රියාමාර්ග මගහරවා ගන්නා ලෙසත් ය.

තාරක සම්මාන්

 

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...