මෙරට පුද්ගලයෙකු දිනකට ලුණු ග්‍රෑම් 8 -18ත් අතර ප්‍රමාණයක් පරිභෝජනයට ගන්නා බවට ගණන් බලා ඇතැයි ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුද්ගලයකුගේ දෛනික
ලුණු පරිභෝජනය තේ හැන්දකට සීමා කර ගැනීමට නිර්දේශ කරනු ලැබ ඇති නිසා මෙරට
පුද්ගලයන්ගේ දෛනික ලුණු පරිභෝජනය 15%කින් අඩු කර ගත යුතුව ඇතැයි
ද විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පෙන්වා දෙයි.
ලුණු යැයි පැවසුව ද සෞඛ්‍යට අහිතකර වන්නේ එහි අඩංගු සෝඩියම් පදාර්ථ බවත් දිනකට වැඩිහිටියෙකුට අවශ්‍ය වන්නේ සෝඩියම් ග්‍රෑම් එකක පමණ ප්‍රමාණයක් බවත් වෛද්‍යවරිය පෙන්වා දෙයි.
ලුණු තේ හැඳි භාගයක සෝඩියම් ග්‍රෑම් 1ක් පමණ අන්තර්ගත වන බව ද ඇය පවසයි. ලුණු ග්‍රෑම් 12ක් පරිභෝජනයට ගන්නා අයෙකු
එය ග්‍රෑම් 10ක් දක්වා අඩු කර ගතහොත් අධිරුධිර පීඩනය ඇති වීමේ අවදානම 40%කින් පමණ අඩු කර ගත හැකි බව ද ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනිය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අයුරින් දෛනික ලුණු පරිභෝජනය එක තේ හැන්දකට සිමා කර ගත හැකි නම් අධිරුධිර පීඩනය, අංශභාගය, හෘදය ආශ්‍රිත රෝග ආදියෙන් මිදිමට හැකි බව ද විශේෂඥය වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය අවධාරණය
කරයි.
වයස්ගත වීමත් සමග අධික ලුණු භාවිතයෙන් අධිරුධිර පීඩනය ඇති වීමේ අවදානම ද ඉහළ අගයක් ගන්නා නිසා ඉන් වැඩිපුරම වයස අවුරුදු 30ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් බලපෑමට ලක්වන බව ද ඇය පවසයි.
“රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගතා තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (ඔක්.25) Zoom ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මේ බව පැවසීය.
සවනි ශේෂාධි.
No comments:
Post a Comment