ඉන්දියාවේ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිටියදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික සරණාගතයින් 65 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට තමිල්නාඩු පොලිසියට නොහැකි වී ඇතැයි එරට
DT - Next වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ , අදාළ
ශ්‍රී ලාංකිකයින් පසුගිය මාසයේදී අතුරුදන් වී ඇති බවය. ඔවුන් තමිල්නාඩුවේ සරණගත කඳවුරු කිහිපයක සහ
පෞද්ගලික නිවෙස්වල රැඳී සිටි අය බව එහි සඳහන් වේ.
අදාළ පිරිස මාලදිවයින ආසන්නයේ පිහිටි දියේගෝ
ගාසියා නැමැති දූපතක අතරමං වී සිටින බවට මීට සති දෙකකට පෙර වාර්තා වී ඇතත්, ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක්
තහවුරු කරගෙන නැතැයි තමිල්නාඩු පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර, අදාළ ශ්‍රී ලාංකිකයින්
පිරිස ඔක්තෝබර් පළමු සතියේදි පමණ නීතිවිරෝධි යාත්‍රාවකින් කේරළ ප්‍රාන්තයේ සිට
කැනඩාව බලා පළා යමින් සිට ඇති බවට ද විශ්වාස කෙරේ.
ඉන්දිය රජයේ මූලාශ්‍ර අනුව ශ්‍රී ලාංකික සරණාගතයින් 65,000ක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 108ක රැඳී සිටිති.
No comments:
Post a Comment